Monday 31 January 2022

හිමි සඳ නැති මං


 අදරින් එක් වුණු දා දැගිලි  බැද                       එකට 

අගහිඟකමක් නොදැනුණි නුඹේ ගුණ         කඳට

සතුටින් පිරිණු අපේ සුන්දර                       තුසිතයට 

හැඩුවා කණ කොකුන් සෙනෙහස            දෙපලුකොට 


උපතත් මරණයත් කාටත් පොදුයි            කියා 

ලොකේ ධර්මතාවේට අනුව නුඹ යන්න    ගියා

ගියේ ඇයි පැටවු සමගින් මා මේලොව      තියා 

නැ කුඩුවට ආවේ හිරු සඳු ආයේ              පායා


අකලට අහසෙහි වැසි වැස්සා හිස            මතට 

නුඹ නැති අඩුව දැනුනා  මාගේ තනි           සිතට 

තිරච්චිනයන් කරුණා පාන                     විට 

පැටවුන් නොසිටින්න දිව එමි නුඹ           ළගට 


කණවැන්දුම් කියා හංවඩු                     ගසනවා 

අසුබලු උන් මාව නිති මඟ                   හරිනවා

මගේ කරුමේටයි නුඹ මැරුනේ          කියනවා 

නුඹ නැති දුකට වැඩි දුක මේහි            තියනවා


සති පුජාව නොකලේ මා නුඹ             හන්දා 

ධාරක ප්‍රේමයට සිත පෙලඹූව            හන්දා

ලොකේට මිය ගියත් මාගේ හිමියන්   සැමදා

තවමත් සුසුම්ලන්නේ  මා නුඹ         හන්දා 


නුඹෙන් ඉතිරි වුන යුතුකම්               කුඩුවට

වෙර ගමි නුඹ වෙනුවෙන් එය  ඉටු  කරන්නට  

නුඹේ පතිනියම වී මිය යන              තුරාවට 

ඉන්නට හිමියනි  ආ වඩනු              මට   

Tuesday 25 January 2022

ඉරණම



අල්ලන් අත් දෙක සෙල්ලම් තාලෙට
කෙල්ලන් කොල්ලන් නැලවෙනවා
කාලෙ ගෙවෙද්දී ආදර හැගුමන්
හිත තුල ඇවිදින් නළියනවා...............

යෞවන සමයේ ලොල්වී ප්‍රේමය
හිතතුල නෙක සිතුවිලි එනවා
වැරදුන තැන් නම් ඉතින් බොහොමයක්
පසුතැවෙනා කාලය එනවා...........

මවිපියො දහදුක් විදලා දියණිට
ජංගම කථනය ගෙන දෙනවා
ඔන්ලයින්ලු මුළු දවසෙම පංතිලු
දෙමව්පියන් ඇය රවටනවා..............

පුංච්ම කෙල්ලෙක් ප්‍රේමය පුදදී
ඔහු මුළු ජීවිතය ම හිතලා
ඔහුගේ මත්තෙම කාලේ ගෙවනවා
පාසල් වැඩ ටික මඟ හැරලා...............

දිනක් මවිපියන් හට බොරු කියලා
ඇය යනවා ඔහු හමුවන්න
සුන්දර මුහුදු තීරයේ කොනකලු
ඔහු ඉන්නේ ඇය දැක ගන්න..............

පෙමිබස් මුමුණන කපටි සිතැති ඔහු
ඇයගෙන් රාගය පිටවන්න
බලහත් කාරෙන් තලා දැම්මලු
පොඩි මල් කැකුළක් වැනසෙන්න...............

ඔහුගේ ආසා සන්  සිදුවා
දුන් නෑ ඇය හට යලි යන්න
ඔහුගේ මිතුරන් හටත් පවසලා
කිව්වා ඇයගෙන් සැනසෙන්න.............

හිති පිත්  නැති මිතුරන් සිව් දෙනෙකුත්
දුන්නා ඇයට දස වද නේක
තිස්තුන් කෝටිය දෙවියො කොහෙද නැ
පඩුපුල් අසුනත් ගිලිහෙනවා..............

විදි දුක් දන්නා ඇයම ධෛර්යෙන්
ආවත් මවිපියො හමුවන්න
සිතට එකඟ වී ඇයට බැරි වුනා
මවිපියො ලඟදී සැනසෙන්න...............

ගතට දැනෙන රිදුමන් ඉවසවුව ද
පොඩි සිත පරවි වැනසි යන්නැති
වස කුප්පියේ  ඇය සැනසීම සොයන්නැති
අවසන් නින්දත් නිදියන්න.................

ලියා තබා ලියමන ඇය විගසින්
දිවියෙන් සමු ගෙන ගිහිල්ලා සදහට...
නොකලත් වරදක් දඩුවම් මව්පියෝ
වින්දා දරුපෙම හින්දාම..................

නීතිය රැහැනින් බේරෙන්නැති වුන්
ස්වාභාව දහමෙන් දඩුවම් දෙයි දැන්
දරුවන් ඇස්දෙක වගෙ රැක ගත්තත් අද
කාමාතුරයන් බැල්ම හෙලයි නෙක ...........

ආලය රාගය අතර මැදි වෙලා
පුංචි කැකුළු පරවී යයි නම්
කොතරම් බුදු බණ කිව්වත් කුමටද
දෙවිදත් පරපුර ඇත තවමත්.............

නංගියේ



හිරැ ගිලුන ගොම්මනනේ

බියකරු අහස දෙස
දෙඅත් නිකටේ හොවාගෙන
කදුල කැටි ඇස් වලින්
හිස් බැලුම් හෙල හෙලා
සුසුම් ගුලි පිට කරන
මගේ පොඩි නැගණියේ...

කුස තුල දගලමින්
වැඩෙන ඒ කලලයේ
හිමිකරු නෑ නොවෙද ආවේ
මගේ පොඩි නැගණියේ...

නොනසන්න ඒ ලේ කැටිය
රැකගනින් පණ මෙන්ම
නැතිමුත් පියෙකු හිමිකමට
වෙයන් නුඹ දෙගුරුන්
සෙනෙහසින් පිරුණු...

නුඹ රකින කිරි කැටියා
නුඹවත් රකියි යම් දිනක...

නිමා නොවෙන කතාවක් ❤

  


දෑ ත  අල්ලන් ඇවිද ගිය මැයි මල් ඉහුණු දිගු         මාවතේ

  බිමට බර  උන අතු අගින් මල් සුවඳ විහිඳුනි  දස      අතේ

දැස මග හැර ඉන්න හැදුවත් වෙලී නුඹේ හැඩිදැඩි  අතේ

එබුණු හැටි මට තාම මතකයි බලෙන් ඔය ඇස් මගේ දෙසේ 


තෑගි දුන් රතු ගවුම ඇන්දේ කිවු නිසයි නුඹ බල

 කරන්

පාරවන්නට නොවෙයි ඔය හිත සත්තමයි මගේ රත්තරන් 

ගවුම මැණිකට හැඩයි කදිමට අනේ නුඹ මගේ ඉස්තරම් 

කීවා මතකයි එදාත් අද වගේ කඳුලු ඇස් අග හිර  කරන්


සුසුම් ඇවිලි හිතම ගිනිගෙන දවයි උහුලනු බැරි   තරම් 

වාන් ඇර දැමු කඳුලු උල්පත ගලයි මුලු හිත හිර    කරන්

වෙන්ව යන්නට බෑ මටත් නුඹේ සෙනේ මග හැර දුක දරන්

යන්න වෙනවා එත් මග හැර මක්කරන්නද     රත්තරන් 


සැලීඇසිපිය ගැලු කඳුලක් පිස දමා රලු ඔය අතින්

රිදෙන තරමට තුරුලු කර නුඹ සිරස සිම්ඹා ආදරේන්

ඈත් වෙන්නට ලෝබ හිතුනත් නුඹට නතු වු උණුසුමින්

අදයි අන්තිම දවස නුඹ මා මුණ ගැසෙන මේ සෙනෙහසින් 


හින දැක්කේ නුඹේ වෙන්නට වැටි පා ළග සෙනෙහසින් 

කූඩු වි දුක බෙදා ගන්නට නුඹ නමින් එක හදවතින්  

එත් රන්කද කොම ඉන්නද අපට අප හිමි නෑ ඉතින්


අදින් පසු අප එකට එක් වී මෙලෙස මුණ නොගැසි ඉමු 

කප්පරක් දුක් හිතට දැනුනත් ඉතින් අපි ඉවසා ගමු 

යනෙන මග තොට දුටුව මුත් අපි දෑස් මගහැරලා යමු

මේ බවේ විතරයි කියා ඉතින් දැන් අපි ගිවිසා ගමු❤


මං දන් නැ අම්මා කිවේ ...

 


පොසොන් මහේ එක දවසක
අම්මාගේ ලොකු බන්ඩි  ඇතුළේ 
හරි හරියට දඟ කෙරුවාලු 
 ඉවසන්නම බැරිම තැනදි අම්මා 
ගිහින් ඩොක්ටර් හොයන් 


 'අම්මේ බබා හැරිලා ඉන්නේ
ඉක්මනින් වාට්ටුවට  යන්න '  
හරි හරියට කලබලයෙන් 
ඩොක්ටර් මාමා එහෙම කියලා
අම්මාගේ ලොකු බන්ඩි ඇතුළේ 
 කරණම් හොදටම ගහලා 
 මම හරියට වද දුන්නලු .


  කොහොමේන් කොහොම හරි ටිකකින් 
  චුට්ටන් ලොකු බඩක් එක්ක 
 සුදට සුදේ දඟ මල්ලක්
සද්ද නැතුව අම්මා ළගින් දොයිලු ඔන්න...😚


 අම්මාගේ සුදු දොණි වෙලා 
 තාත්තාගේ දඟ මල්ල වෙලා
 අයියාගේ ඉත්තැවි වෙලා
 අක්කාගේ චුටියා වෙලා 
මං ආවාලු ගෙදර ඔන්න ...😜


  මම දන් නැ මෙම කත
 රස සුන්දර කතා මේව
අම්මා තමා කිවේ ඉතිං....😆






Monday 24 January 2022

මතක සැමරුම ❤


මට මතකයි...

                මට හිනයක් තිබ්බා කාටවත් නොකි

               තනිව ඒ හිනෙට ගියපු

              තනිව ඒ හිනේ රජ කරපු

              නොසිතූ මොහොතක තවක් එක හිනයක්                   

           ලෙසින්   හැබැ උනා ඒ හිනේ හරි ලස්සනට ....

 

දවසක් අපේ ඉස්කොලේ ලොකු සර් 

එන්න කිවා පාසලට ...

අම්මා අප්පච්චි එක්කම සරසවි ශිෂයාවක් ලෙස

උපහාර පුදන්න ඔනාලු මට...

ඔව් මම ගියා...

එදා හරි ලස්සනට හැඩ වෙලා 

අම්මා අප්පච්චි එක්කම...

ඉස්කොලේ ගෙට්ටුව ළඟටම

 ආවා ලොකු සර් පිළිගන්න අපව...

ඔල්වරසන් හඬ මැද්දේ 

දෙපසින් අම්මා අප්පච්චි එක්කම  

පියමැන්නා මං කවදාවත් නොවින්ද 

ලස්සන හැගිමකින් පාසලට...

           

 හොරෙන් බැලුවාම අම්මා දිහා එයාගේ ඇස් වල සතුටු කදුළු

 බැලුවාම අප්පච්චි දිහා ඒ මුණ ලස්සනට හිනා වෙලා

 මේ තරම් සතුටක් මම නිසා...

 ඔව්... 

ආඩම්බරයක් නොදැනුනාම නෙවේ ඉතිං..


හැමෝගෙම ආශිර්වාදයත් එක්ක

 ලැබුණා තිළිණයක් මේ මට

 ලස්සන කවියක් ගෙතු

 සිහිවටනයක් හරිම ලස්සන...

ආවර්ජනය කරන්න පුළුවන්

ලස්සන  මතකයක්

 අදටත් ආදරේයි ගොඩක් ...












 

විෂමයි සමාජය ❤

 


සමාජය විෂමයි 

එය ඒකාකාරී නොවේ 

ඒ ලෙස සිදුවන්නේ ද මිනිසා නිසාමයි ..

මිනිසා ද ඒකාකාරී නොවේ  

මිනිසුන් ද විෂමයි ..

විටක කුරිරුයි

විටක සෞම්‍යයි

විටක දයාබරයි

කාලයාගේ ආයාමයෙන් 

හොඳට හෝ නරකට 

වෙනස් වන මිනිසා සමඟ 

කරට කර සමාජය ද හොඳට හෝ නරකට වෙනස් වෙමින් පවති...


මාගේ පමණක් ම නොව ඔබගේ ද ක්‍රියාව මත 

සමාජයේ යහපැවැත්ම රදා පවති..

පළමුව ඔබ ආරම්භ කරන්න 

කතා කරන්න ඔබේ හදවතට 

බලන්න අවට...

ඔබේ සමාජය දෙස 

බෙදා හරින්න නිවැරදි දේ 

එපා ලබා දෙන්නට නොගැළපෙන දේ 

ඒවිට ඔබටත් මටත් යහපත් සමාජයක් 

හෙට අනිවාර්යයෙන් බිහි වෙවි...





ප්‍රදිපිකා පතිරාජ - ගුරු වලප ගීතය❤

       


  ගුරු වලප ගීතය මැත යුගයේ ලියවුණූ විශිෂ්ඨ නිර්මාණයකි. ප්‍රදීපිකා පතිරාජ කිවිදිය විසින් තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය ලෙසින් "ගුරු වලප" කාව්‍ය කෘතියෙහි එන මෙම ගීතය 2019 වර්ෂයේ ජනගත කරන්නීය. මෙම ගීතය නිසදැස් ආක්තිය ඔස්සේ ලිය වු කාව්‍ය රසය ඉස්මතු කරන  නිර්මාණ්‍යකි. ගුරුතුමියක් හා  බැදුණු  මේ  නිර්මාණයේ තේමාව ලෙස කවියා දක්වා  ඇත්තේ අසමත් වු සිසුවෙකු තුල ඇති මානුෂිය ගුණාංග පිළීබඳව යි. විභාගය නම් ජීවන කඩඉමෙන් අසමත් වුවද ගුණ දම් වලින් ඉතා උසස් දරුවන් සිටිනා බව කවියා ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ කරන්නීය.   


                       හුළං  නැති ස්කුටරය  තල්ලු කරගෙන        එනකොට

                      ළඟටම දිව විත් ඇයි ටීච මක්වීද                  විමසන

                       විනාඩියකුදු  නොයවාගෙන සකළවිධ           ආයුධ 

                       මා නොකි අඩු පාඩු සොය සොයා              සාදන


මෙම ගීතයේ පළමු පැදි පෙළින් කියවෙන්නේ රසමවන සිදුවීමකි ගුරුතුමිය හුළං නැති ස්කුටරය තල්ලු යනවිට ටීච ස්කුටරයට  මොකද වුනේ යනුවෙන් දරුවා විමසා විනාඩියකුදු නොයවා හැකි ඉක්මනින් ටීච නොකී අඩුපාඩු පවා ඔහු විසින් සදා දෙන බව මෙම පැදි පෙළින් අර්ථවත් කරයි. 

ගුරුතුමියට කරදරයක් බව දුරු සැනින් දිව එන ළමයා තුළින් ඉස්මතු වන්නේ ඔහු තුළ ඇති ගුරු ගෞරවයයි. විපතක සිටි අයෙකු දුටු විට දැක්කත් නොදැක්කා සේ යන මෙවැනි සමාජයක එවැනි මානුෂීය ගුණාංග සහිත මිනිසුන් ද සිටින බව ගීතයෙන් ඉස්මතු කර දක්වයි. ගුරුතුමිය නොකී අඩුපාඩු ද සොය සොයා සාදන මේ සිසුවා කෙබදු අයෙක් ද? ඔහු කවුරුන් ද? යන බව කවියා ගිතය ආරම්භයේ දි නොපවසන නිසා ඒ පිළිබඳ සිතීමට ගීතය තුළ ඉඩහසර කවියා විසින් නිර්මාණය කර ඇත.  මේ නිස පාඨකයාට ගීතය රසවිදීමට ඇති අවශ්‍යතාව වැඩි කිරිමටත්, පාඨකයා රඳවා ගැනීමට හැකි ලෙස අලංකාරවත් භාෂාත්මක කලව යොදා ඇති අයුරු උසස් කොට සැලකිය හැකිය. 

 


පසුම්බිය අරිනා විට

සල්ලි මොකටද ටීච

ඔනෙ වෙලෙක එන්ඩ

කියමින් මජං අත පිහදන 

වැඩියෙන් ම ගුටිකාපු  අසමත් ම ශිෂ්‍ය‍යා නුඹ 

                           ස්කුටරය සදා දුන් නිසා මුදල් ලබා දීමට ගුරුතුමිය උත්සහ කල ද මුදල් එපා යැයි පවසා නැවත එන ලෙස ද පවසන ඔහු පන්තියේ සිටි අසමත් ම සිසුවා බව මෙම පැදි පෙළින් ජනිත කරයි. 

                          ගුණ වලින් පිරිහෙමින් යන සමාජයක් සහ සියල්ල මුදලට සිමා වෙන යුගයක් වෙත වර්තමානය වන විට අප පැමිණ ඇත. නමුත් මෙම ගීතයෙන් කවියා ව්‍යංගාර්ථවත්ව පවසන්නේ මුදලට සියල්ල සීමා නොවන බව නොවේ ද? එනම්, මානුෂීය හැගීම, ගුණාංග කෙදිනකවත් මුදලට ලබා ගත නොහැකි බව මෙහිදි ඉස්මතු කර පෙන්වා දි ඇත, එමෙන්ම, ගුරුතුමිය දුටු විටම දිව ආපු, ඉක්මනින් උදව් කර මුදල් එපා කියු, කවිය තුළ මනුෂත්වයේ ඉහළම තැන තැබු ඔහු අසමත්ම සිසුවෙකු බව කවියා මෙම පැදි පෙළින් ප්‍රකාශ කරයි. මෙම ගීතයේ මෙම පද කීපය පාඨකයා අනුවෙදනියත්වයේ සංවෙදිතාවට පත් කරනවා නොඅනුමාන ය. රසාස්වාදයේ උච්චතම අවස්ථාව නිරුපණය වන ලෙස කවියා මෙම ගී කොටස අලංකාරවත්ව නිර්මාණය කර ඇත.    


දී යතුර මා අතට දණ නමා වදිනා විට 

යකළු පහරක් වැදී දෙපලු විය පුතේ මයේ හදවත 


නොබලාම ඔබේ ඇස් දෙස

බිම බලාගෙන හැරී යමි 

ඔබේ ගුණ වර්තා පොතට ගත නොහැකී වු 

අසමත් ගුරුතුමිය මා 

                          අවසන් පැදි පෙළෙ දී ගුරුතුමියට උදව් කළ  මේ අසමත් සිසුවා සදන නමා තම ටීචට නමදින බවත් එහි දී ගුරුතුමියගේ සිත බිඳී යන බවත් ඒ වෙදනාත්මක හැගීම නිසා ඔහු ඩෙස නොබලාම ඔහුගේ ගුණ ප්‍රගතිවාර්තාවට ගන්න බැරි වු අසමත් ම ගුරුවරියක් යන හැඟිමෙන් ගුරුතුමිය නික්ම යන බව කවීයා ප්‍රකාශ  කරන්නී ය.  

                          විභාගය නම් ජිවිතයෙන් අසමත් වන ඔහු ගුරුවරයාට දන නමා වන්දනා කිරිම ගුරු සිත කැළඹිලි කරන සංසිද්ධියකි. විභාගයෙන් අසමත් වුව ද ඔහු තුළ ඇති ගුණධර්ම ලෝකයාට පෙන්වීමට  මාර්ගයක් හෝ ක්‍රමයක් ගුරුතුමියට නොමැති බව කවියා  ව්‍යංගර්ථවත් ව පවසමින් ගීතය නිමා කරන්නී ය.


සමස්ථයක් ලෙස ගත් කල විශිෂ්ඨ   ආකෘතියක්   ඔස්සේ  ලිය වු පාඨකයාගේ හදවත මොහොතකට නතර කල හැකි ලෙස භාෂාව, උපමා උපමේයන් හා රූපකාරක වචන ආදිය යොදා ගනිමින් ලියවුණු අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම ගීතය දැක්විය හැකිය. විභාගය අසමත් වු ශිෂයෙක් දෙස අසමත් ලෙබලයෙන් බලන සමාජ දෂ්ඨි කෝණය වෙනස් කිරිමටත්, ඔහු තුළ ඇති ගුණධර්ම ලොවට දැක්විමට මාර්ගයක් අවශ්‍ය වී ඇති බවත් ප්‍රකාශ කරන ආදාළ තේමාව ඔස්සේ නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකී. තාක්ෂණය සමඟ ගනුදෙනු කරන ගුණධර්ම සාරධර්ම මනුසත් බව පිරිහෙන සමාජයකට මෙවැනි නිර්මාණ ඔස්සේ ලබා දෙන පණිවිඩය අති විශාල ය.                                                                                                                               

Sunday 23 January 2022

පුංචි නගේ අහන්න. ❤


 සඳ අවරට යන්න යාවී - සඳ සාවිට කියන්න 

           සඳ ගඟුලේ  සඳ මැකේවි - රණහංසිට පෙනෙන්න 

           මුතු පිණි කැට බොඳ වේවි - ඉර ගින්නට දැවෙන්න 

           පුංචි නගේ අස්තිර ලොව - ප්‍රේමය ගැන අහන්න 


මායා වි සිතිජ ඉමේ - බොල් පොළවට වැටෙන්න 

වැහි වැටුනට  මිරිගු දියේ  - නිරැදක බව හිතන්න 

සඳ එළියට මල් පිපුණාට - පර වී බිම වැටේන්න 

ලොව විෂමයි පුංචි නගේ - පරිස්සමට පිපෙන්න


          පසලොස්වක සඳත් එක්ක  - බුදු ගුණ ගී අහන්න 

         බෝ මළුවට වෙහෙර බිමට - මල් සුවඳක් ගෙනෙන්න 

          පිනෙන් සාර මලක් විලස - බුදු සමිදුට පුදන්න 

          ඔය බැතිබර පින් සිත් මල - පුදසුන මත තියන්න 


මුදු මෙලෙකෙට මල් පිපුණට - ලොවට සුවද බෙදන්න 

වැඩි ආයුෂ නැ මලකට - මල් නටු අග රැදෙන්න 

බිමට වැටෙන පරමල් පෙති - පාගනවා ඇරෙන්න 

කවුරුත් නැ පුංචි නගේ - ඒ මල් පෙති සිඹින්න ...




Saturday 8 January 2022

අවලස්සන හිනයක් ❤


 වේලාව සවස 4.30 යි 

නාද උනා දුරකථනය 

එකවරම..

බැලුවා ඉක්මනින් 

තිබුණා නමක් දුරකථන තිරයේ

මාගේ ආදර මිතුරි" චතුරි"

කාලේකින් එන ඇමතුමක් 

ගසන්නට සිතා කයිවාරුවක් ඉක්මනින් 

ඇමතුමට සම්බන්ධ උනා මාත් 

"හෙලෝ බන් අම්මාට ගොඩක් 

අමාරුයි බේර ගන්න බැයිලු" 

අනේ දෙවියනේ මගේ එකි අඩනවා

ඒ එකි බිදියත් එක්ක ආපු වචන

පපුව පසාරු කලා ඇත්තමයි..

එකමයි ක්ෂණයෙන් ආවේ

උඹ හොයාගෙන

දුක පොඩ්ඩක් හෝ නිවන්න

අහෝ දුකකි ..

ගියා එක අම්මෙක් 

අපව තනිකර සදහටම

ගොලු උනා හදවතම ...

මොර සුරන වැස්සක් වාගේ 

කදුලු මටත් නොදැනිම

මිතුරි මට බැරි වෙයි නුඹේ අම්මා වෙන්න 

හැම තප්පරයෙම ළඟ ඉන්න...

එත් උඹ ඉන්නවා මගේ හදවතේ ඉහළින්ම 

කප්පරක් දුක් අස්සේ හොයමු 

අපි ජිවිතය ...

මම ඉන්නවා උඹට ..


මම

✍️ උඹේ මිතුරි චලනි...









කැම්පස් මිතුරි

 සරසවි සිහිනය සැබැ උන දා ම 

ආවා සිතට චකිතයක් 

සොඳුරු විමනක ,නැවුම් අත්දැකිමකි 

එය ජිවිතයට...

ඒ සොඳුරු කැදැල්ලේ දි හමුවුණා 

මිතුරියක් ඇය නමින් තරු ...

විටක පුදුමයි ....

දුකේ දි වෙන් නොවන සැපේ දි ඇත් නොවන 

නිම් නොවන බැදිමක්..

සිතුවේ නැ කිසිදාක ලැබෙයි කියා 

මේවැනි මිතුදමක්..

තප්පරයෙන් වෙනස් වෙන

 කුරිරු ලෝකයක

ඇත්තමයි නුඹ වැනි මිතුරියක්  ලැබිම ද

මා වාසනාවක්...

ඉතිං  මිතුරි...

අවසර ද මට රැගෙන 

යන්න මේ මිතුදම 

ජිවිතය පුරාවට...?