Monday 24 January 2022

ප්‍රදිපිකා පතිරාජ - ගුරු වලප ගීතය❤

       


  ගුරු වලප ගීතය මැත යුගයේ ලියවුණූ විශිෂ්ඨ නිර්මාණයකි. ප්‍රදීපිකා පතිරාජ කිවිදිය විසින් තම කුළුදුල් කාව්‍ය සංග්‍රහය ලෙසින් "ගුරු වලප" කාව්‍ය කෘතියෙහි එන මෙම ගීතය 2019 වර්ෂයේ ජනගත කරන්නීය. මෙම ගීතය නිසදැස් ආක්තිය ඔස්සේ ලිය වු කාව්‍ය රසය ඉස්මතු කරන  නිර්මාණ්‍යකි. ගුරුතුමියක් හා  බැදුණු  මේ  නිර්මාණයේ තේමාව ලෙස කවියා දක්වා  ඇත්තේ අසමත් වු සිසුවෙකු තුල ඇති මානුෂිය ගුණාංග පිළීබඳව යි. විභාගය නම් ජීවන කඩඉමෙන් අසමත් වුවද ගුණ දම් වලින් ඉතා උසස් දරුවන් සිටිනා බව කවියා ව්‍යංගාර්ථවත්ව ප්‍රකාශ කරන්නීය.   


                       හුළං  නැති ස්කුටරය  තල්ලු කරගෙන        එනකොට

                      ළඟටම දිව විත් ඇයි ටීච මක්වීද                  විමසන

                       විනාඩියකුදු  නොයවාගෙන සකළවිධ           ආයුධ 

                       මා නොකි අඩු පාඩු සොය සොයා              සාදන


මෙම ගීතයේ පළමු පැදි පෙළින් කියවෙන්නේ රසමවන සිදුවීමකි ගුරුතුමිය හුළං නැති ස්කුටරය තල්ලු යනවිට ටීච ස්කුටරයට  මොකද වුනේ යනුවෙන් දරුවා විමසා විනාඩියකුදු නොයවා හැකි ඉක්මනින් ටීච නොකී අඩුපාඩු පවා ඔහු විසින් සදා දෙන බව මෙම පැදි පෙළින් අර්ථවත් කරයි. 

ගුරුතුමියට කරදරයක් බව දුරු සැනින් දිව එන ළමයා තුළින් ඉස්මතු වන්නේ ඔහු තුළ ඇති ගුරු ගෞරවයයි. විපතක සිටි අයෙකු දුටු විට දැක්කත් නොදැක්කා සේ යන මෙවැනි සමාජයක එවැනි මානුෂීය ගුණාංග සහිත මිනිසුන් ද සිටින බව ගීතයෙන් ඉස්මතු කර දක්වයි. ගුරුතුමිය නොකී අඩුපාඩු ද සොය සොයා සාදන මේ සිසුවා කෙබදු අයෙක් ද? ඔහු කවුරුන් ද? යන බව කවියා ගිතය ආරම්භයේ දි නොපවසන නිසා ඒ පිළිබඳ සිතීමට ගීතය තුළ ඉඩහසර කවියා විසින් නිර්මාණය කර ඇත.  මේ නිස පාඨකයාට ගීතය රසවිදීමට ඇති අවශ්‍යතාව වැඩි කිරිමටත්, පාඨකයා රඳවා ගැනීමට හැකි ලෙස අලංකාරවත් භාෂාත්මක කලව යොදා ඇති අයුරු උසස් කොට සැලකිය හැකිය. 

 


පසුම්බිය අරිනා විට

සල්ලි මොකටද ටීච

ඔනෙ වෙලෙක එන්ඩ

කියමින් මජං අත පිහදන 

වැඩියෙන් ම ගුටිකාපු  අසමත් ම ශිෂ්‍ය‍යා නුඹ 

                           ස්කුටරය සදා දුන් නිසා මුදල් ලබා දීමට ගුරුතුමිය උත්සහ කල ද මුදල් එපා යැයි පවසා නැවත එන ලෙස ද පවසන ඔහු පන්තියේ සිටි අසමත් ම සිසුවා බව මෙම පැදි පෙළින් ජනිත කරයි. 

                          ගුණ වලින් පිරිහෙමින් යන සමාජයක් සහ සියල්ල මුදලට සිමා වෙන යුගයක් වෙත වර්තමානය වන විට අප පැමිණ ඇත. නමුත් මෙම ගීතයෙන් කවියා ව්‍යංගාර්ථවත්ව පවසන්නේ මුදලට සියල්ල සීමා නොවන බව නොවේ ද? එනම්, මානුෂීය හැගීම, ගුණාංග කෙදිනකවත් මුදලට ලබා ගත නොහැකි බව මෙහිදි ඉස්මතු කර පෙන්වා දි ඇත, එමෙන්ම, ගුරුතුමිය දුටු විටම දිව ආපු, ඉක්මනින් උදව් කර මුදල් එපා කියු, කවිය තුළ මනුෂත්වයේ ඉහළම තැන තැබු ඔහු අසමත්ම සිසුවෙකු බව කවියා මෙම පැදි පෙළින් ප්‍රකාශ කරයි. මෙම ගීතයේ මෙම පද කීපය පාඨකයා අනුවෙදනියත්වයේ සංවෙදිතාවට පත් කරනවා නොඅනුමාන ය. රසාස්වාදයේ උච්චතම අවස්ථාව නිරුපණය වන ලෙස කවියා මෙම ගී කොටස අලංකාරවත්ව නිර්මාණය කර ඇත.    


දී යතුර මා අතට දණ නමා වදිනා විට 

යකළු පහරක් වැදී දෙපලු විය පුතේ මයේ හදවත 


නොබලාම ඔබේ ඇස් දෙස

බිම බලාගෙන හැරී යමි 

ඔබේ ගුණ වර්තා පොතට ගත නොහැකී වු 

අසමත් ගුරුතුමිය මා 

                          අවසන් පැදි පෙළෙ දී ගුරුතුමියට උදව් කළ  මේ අසමත් සිසුවා සදන නමා තම ටීචට නමදින බවත් එහි දී ගුරුතුමියගේ සිත බිඳී යන බවත් ඒ වෙදනාත්මක හැගීම නිසා ඔහු ඩෙස නොබලාම ඔහුගේ ගුණ ප්‍රගතිවාර්තාවට ගන්න බැරි වු අසමත් ම ගුරුවරියක් යන හැඟිමෙන් ගුරුතුමිය නික්ම යන බව කවීයා ප්‍රකාශ  කරන්නී ය.  

                          විභාගය නම් ජිවිතයෙන් අසමත් වන ඔහු ගුරුවරයාට දන නමා වන්දනා කිරිම ගුරු සිත කැළඹිලි කරන සංසිද්ධියකි. විභාගයෙන් අසමත් වුව ද ඔහු තුළ ඇති ගුණධර්ම ලෝකයාට පෙන්වීමට  මාර්ගයක් හෝ ක්‍රමයක් ගුරුතුමියට නොමැති බව කවියා  ව්‍යංගර්ථවත් ව පවසමින් ගීතය නිමා කරන්නී ය.


සමස්ථයක් ලෙස ගත් කල විශිෂ්ඨ   ආකෘතියක්   ඔස්සේ  ලිය වු පාඨකයාගේ හදවත මොහොතකට නතර කල හැකි ලෙස භාෂාව, උපමා උපමේයන් හා රූපකාරක වචන ආදිය යොදා ගනිමින් ලියවුණු අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස මෙම ගීතය දැක්විය හැකිය. විභාගය අසමත් වු ශිෂයෙක් දෙස අසමත් ලෙබලයෙන් බලන සමාජ දෂ්ඨි කෝණය වෙනස් කිරිමටත්, ඔහු තුළ ඇති ගුණධර්ම ලොවට දැක්විමට මාර්ගයක් අවශ්‍ය වී ඇති බවත් ප්‍රකාශ කරන ආදාළ තේමාව ඔස්සේ නිර්මාණය වූ විශිෂ්ඨ නිර්මාණයකී. තාක්ෂණය සමඟ ගනුදෙනු කරන ගුණධර්ම සාරධර්ම මනුසත් බව පිරිහෙන සමාජයකට මෙවැනි නිර්මාණ ඔස්සේ ලබා දෙන පණිවිඩය අති විශාල ය.                                                                                                                               

No comments:

Post a Comment