Saturday 13 July 2024

මගේ කතාව අවසන්

මේක මගේ කතාව ..

මං හිතන් හිටියේ ආයි කවදාවත්ම ඔයා ගැන ලියන්නේ නැහැ කියලා.
ඒත් ....
මට හිතුනා අවසාන වතාවට හරි ඔයා ගැන ලියන්න ඕනේ කියලා.
හරිම අපහසුවෙන් මම පෑන අතට ගත්තේ කොහොමහරි මේ කතාවට අවසානයක්  තියෙනවා කියලා හිතාගෙන.
ඔයාගෙයි මගෙයි කතාව ...
පටන් ගැන්මක්වත් අවසානයක්වත් නොදැන පටන් ගත්ත අපේ බැඳීම මේ විදිහට නතර වෙනව දකින්න නම් මට කිසිම ආසාවක් තිබුනෙ නෑ.
"අපි දෙන්නා නතර වෙන්න ඕන මෙහෙම නෙවෙයි "
කියලා ඔයාට මං කියන්න කොච්චර වෑයම් කලත් ඔයා ඉන්න තත්වෙත් එක්ක ඒක මං කියන එක සුදුසු නැති දෙයක් කියලා මට හිතුනා.ඉතින් මං එතනදිත් නිහඩ වුණා.
එක දිගට කතා කරපු video call ,  ඉවරයක් නැතිවුණු chat එක නැති වෙනකොට ගෙවෙන හැම තත්පරයකම මං මහා පාළු මුසල කළුවර ජීවිතයක අතරමං වුණා.
🥹🥹
දන්නවද .....
මං කවදාවත් හිතුවේ නෑ ඔයාට මං මේ තරම් ආදරේ කරනවා කියලා.
ඒත්...
මං මේ තරම් ඔයාට ආදරේ කරනවා කියලා තේරුනේ ඔයා යන්නම ගියාට පස්සේ,
තුන් වේලම එක වෙලක් වෙල කනකොට,
බලාගත්තු අතේ  බලාගෙන ඔහේ කල්පනා කරනකොට,
ඔලුව පුපුරන්න තරම් ආපු වේදනාවක් හැදෙනකොට ..
ඔව් මං දැනගත්තා මං සීමාව ඉක්මවලා ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා.
මං හොයපු රූපෙ ඔයා වෙනකොට,
පොළොවෙ පය ගහලා ඉන්න ලස්සන මනුස්සයෙක් විදිහට මං ඔයාව දකිනකොට   සීමාකාරී ඉවසිම්වත් ,
පමණ ඉක්මවලා කරන කැපකිරීම් සීමා කරන්නවත්,
කොටින්ම කිව්වොත් සීමාවකට ආදරය කරන්නත් මට වුවමනාවක් තිබුණේ නෑ.
ඒ නිසාම වෙන්න ඇති මං ඔයාට එච්චරට ආදරේ කරේ.

"ඔයා කවදාවත් වැටෙන්න  එපා" ඒ ඔයා මට කියපු  අවසාන කතාව

"නැහැ මං අවුල් කරගන්නෙ නැහැ".

මං ඔයාට කිව්වේ එහෙම,
ඒත් මං හොඳටම අවුල් වුණා,
මං ඔයාව  බලාපොරොත්තු වන නිසා.
එත් ඒක ඔයාට කියන්න තරම් ශක්තියක්  මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ.
මොකද  තවත් ඔයාගේ මනස විකෘති වෙන්න  මං කියන එක වචනයක් හෝ මුල් වේ යන බය තිබුණු නිසා.🥹
"බුදු සරණයි"
යන පිළිතුරෙන් අපේ කතාව අවසන් කලා. ක්ෂණයෙන් මා දෑස් වසා ගත්තත් මා වටා  තිබුණේ අපේ ආදරණීය මතකයන්.ලොකු කාලෙකට අපි අපේ නොවුනත්,
හරි ලස්සනයි අපේ මතක,
අපි ඉදහිට හරි හමුවෙලා කල කතා බහ,
ඔයාගෙ ඇස්වලින් දෝරෙ ගැලුව ආදරය,
ඔයා ලග ඉන්නකොට නහය කඩාගෙන යන තරමට
දැනුණ ඒ සුවද,
මට අදටත් මැවෙනවා..! දැනෙනවා..!😐🥹
මහා ලොකු කාලයක ලස්සන මතක නොවුනත් ගෙවපු චූටිම මතකයක් වුණත් මට ඒව හරි ආදරණීය වුණා.
ඔයා වෙනුවෙන් වෙන් වුණු Ringtone   එකක් වැටෙනකොට ...
ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරනකොට ...
ඔව් මට ආය ආය හිතන්න තිබුණා...
මේක මුලාවක් කියලා..

🥹🥹🥹🥹

එක පුංචිම පුංචි ඇමුතුමක් දින සති මාස ගණන් ඉවසන් බලන් ඉන්න පුළුවන් තරම් ආදරණිය වුණා.ඇයි මං මේ තරම් ආදරේ කරේ මම මගෙන්ම අහන ප්‍රශ්නය ඒක. ?

දින ගනනාවක් වචන කිහිපයක් ඔයාට කතා කරන්නට උවමනා වුණත් අහේතුවකටද මන්දා හැමදාම මගේ හිත ඔයාට මානසික වදයක් වෙන්න එපා කියලා නතර කරා. 
මොක ද මං ආසම මං ආදරය කරන මිනිස්සු හිනාවෙලා ලස්සනට ඉන්නවා දකින එක.
ඉතින් මට උවමනා උනේ නෑ වටිනාකමක් නැති මේ කතාව ඔයාට කියලා ඔයාව තවත් මානසිකව අවුල් කරන්න.

හැමදාම උදේ හවස අහපු ඒ කටහඬ...
වශී වෙන තරම් ඒ කෝලංකාර ඇස් දෙක...
ටික කාලෙක ඉඳන් මගෙන් ඈත් වෙන බව දැනුනත් කාටවත් නොකියාම ඔයාගෙන් නොඅසාම

" නෑ එහෙම වෙන්නේ නෑ"

  කියලා හිතාගෙන මං බලන් හිටියත්  ,ඒ හැමදේම ඇත්තක් වෙලා ඒ රූප රාමු  මගේ ඉස්සරහම මැවී පෙන කොට දැනෙන වේදනාව චූටිම චූටි උල් ඉදිකට්ටකින් පපුව පුරා අනින්නා වගේ හැඟීමක් මට දැනෙන්නට වුණා.
පපුව හිරි වැටිලා යන ඒ වේදනාව මං හිතන්න මට ඊට කලින් දැනිලා තිබුනේ නෑ.

"ඇයි මෙහෙම කරන්නේ?"

ඔව් මට මෙහෙම අහන්න හිතුණු වාරානන්තයි.
මේ වචන ටික අහලා රණ්ඩු කිරීමට පවා නොහැකි තරමට මම දුර්වල වෙලා.
ඒ ඔයා ප්‍රශ්න ගනනාවක ගිලී ඇති බව මා දැන දැනත් යක්ෂණියක්  ලෙස ඔයාට  කඩා පනින්නට මට උවමනාවක් නොතිබුණු නිසා.එතනත් මං  දැක්කේ මගේ හිතේ තියෙන අසීමාන්තික ප්‍රේමය පමණයි.

"අයිතියක් නැති ප්‍රේමය හරිම ලස්සනයි ! මොකද දුර ඉදලම මොන දේ වුනත් එයාටම ප්‍රේම කල හැකි නිසා" මං අහල තිබුනේ එහෙම..
එත් ඒ සියලු වචන  දාර්ශනික වදන් පමණක් බව දැනෙන්නෙ මා දැන් සිටින තත්ත්වය මටම තේරුම් ගිය මෙ වෙලාවේ..
බලාහිදීම කොතරම් ප්‍රේමණීය වූවද, බලාපොරොත්තු එකිනෙක බිඳ වැටෙන විට බලාහිඳීමේ වේදනාව උපරිමයෙන්ම මට තේරුම් ගියා.

හ්ම්...

"ඇත්තෙන්ම ඔයාට හැඟීමක් නැතිද? මං වෙනුවෙන්" ඒ මට නුඹෙන් අසන්නට සිතුණු අවසානම පැනය..

එහෙත් තවත් උත්තර නැති ප්‍රශ්න වල ඔයාව හිර කරල  ඔයාව  කබලෙන් ලිපට ඇද දන්න උවමනාවක් නෑ. .ඔයාට මේ ආදරෙ ගැන කියන්න.
මා කිහිප වතාවක්ම  උත්සහ කලත්,ඔයා එය පිළිගැනීමටද තේරුන් ගැනීමටද තරම් වෙහෙසක් නොගත් බව මට තෙරුම් ගොස් බොහෝ කල් ය.

ඇත්ත තමයි..! ඔයාට වරදක් කියන්න බෑ, හුස්ම වැටෙන හැම ජීවයක්ම වෙනස් වෙනවා.. ඔව් මම ඒක පිලිගන්නවා... හැබැයි මොන කරුමෙකටද දන්නෑ මට ඔයා තරම්ම වෙනස් වෙන්න බැරි උනා,

මම දැනගෙන ඉදියා එක දෙයක්...! ඒ තමයි ඇතැම් කාලවල අපේ ජීවිතවලට හමුවන සමහර බැදීම් අපිට ලොකු සතුටක් දෙනවා වගේම කාලෙකදි ලොකු වේදනාවක්ද දෙන බව... ඒත් කවදාවත් ඔයාගෙ වෙනස්වීමක් බලාපොරොත්තු වුනේ නෑ.. නොහිතපු විදිහට ලොකු වේදනාවක් එක්ක ඔයා ගොඩක් වෙනස් උනා.. ඔයත් ජීවිතේට හමුවුන අහඹු හමුවීමක් විතරක් වුනා..

සත්‍ය නම් එයමය.මා තවමත් නුඹට සෙනෙහස දක්වමි.
එයින් මගේ ජීවිතය තවත් සතුටින් තබනවා මිසක විනාශ නොවන බව මා පමණක් හොදින්ම දනිමි..
ඉතිං තවමත් මා බලාහිඳිමි.පෙර මෙන් නොවුනත් පෙරටත් වඩා නිහඬව බලා හිඳිමි..
ඇත්ත..
මිනිස්සුන්ගේ ආදරෙ ඉවර වෙනවා 🥺
❤️‍🩹 

ඉතිං මගේ කතාව අවසන් 🥹🥹







No comments:

Post a Comment