Wednesday, 11 March 2026

මගේ ආදරේ 🩷

 මං දන්නේ නෑ අපි අතරේ, මොකද්ද තියෙන්නේ කියලා.


🕊️"මගේ ඇතුලෙන් එක මොහොතක කියනවා.. ඔයාට කතා කරන්න, ඔයාට msg එකක් දාන්න, ඔයට ලං වෙන්න. කියලා."

"මේ මොහොතේ මගේ ජීවිතේ මිහිරිම හැඟිම් වලින් පිරිලා තියෙයි..."🥺
"හැබැයි මට දැනෙන ඒ මිහිරි හැගීමම, ඔයාටත් දැනෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා.

ඒත්..🥺"එක මොහොතක ඔයා මාව දුරස් කරනවා.. මං දන්නවා ඔයාට ඒකට 100% අයිතිය තියෙනවා."
"ඒ මොහොතේ ඉදං, ඔයාට ලං වෙන්න ඕන වෙද්දි, මගේ ඇතුලෙන් කියනව 'ඔයාට නිදහසේ ඉන්න දෙන්න' කියලා.

"මං ඔයාට කතා කරන්නේ නැත්තම්, මං දන්නවා ඔයා ඔයාගේ නිදහස හොයාගනීවි, ඒත් මගේ සතුට අඩු වෙයි.."
"මගේ සතුටද? ඔයාගේ නිදහසද?"
"මට ඕනේ නෑ මගේ සතුට, මං ඊට වඩා ආසයි ඔයා ඔයාවම හොයාගෙන, නිදහසින් සතුටින් ඉන්නවට.."

"මගේ ඇතුලේ වෙන මහා සටනෙදි, මම මගේ සතුටට විරුද්ධව, හැමදාම ඔයාගේ, සතුට නිදහස වෙනුවෙන් සටන් වදිනවා.."

Friday, 2 January 2026

ඇත්තටම මේක ඉවර වුන කතාවක් 🩷

 


මතක තියා ගන්න,

ඔයාට ඕනේ වෙලාවක මන් ඉන්නවා,
සම්බන්දයක් ඇතුව හෝ නැතුව..
ඔයාට මාව ඕන වෙන තත්පරෙන්,
මන් ඔයා ලග ඉන්නවා..

දේවල් කොහොම වෙනස් වුනත්
මගේ හිතේ ඔයා ගැන තියන ආදරේ
හැමදාම ඒ විදිහටම තියෙයි..

පන්සලකට ගියත් හැමදාම මට ඔයාවම මතක් වෙයි.
ඔයා වෙනුවෙන් පහනක් පත්තු කරන්න
මට කවදාවත්ම අමතක වෙන්නෙ නැති වෙයි.

ඔයා ගැන
මගෙ හිතේ තියෙන ආදරේ නැති කර ගන්න,
ඔයාව අමතක කරන එක ,
මට
හුස්ම නවත්තගන්න තරම් අමාරුයි..

එකම එක දෙයක් විතරක් කරන්න මන් වෙනුවෙන්,
ඔයාගෙ හීන වලට යන්න,
ලස්සනට සතුටින් ජීවත් වෙන්න..
එතකොට මට ඔයා දිහා බලලා සතුටු වෙන්න ...
ඔයා ඒ දේවල් ජිවිතේට ලබා ගත්තම
මාව මතක් වුණොත්,
අනිවාර්යයෙන්ම මටත් කියන්න.. 🥺

නුඹට ලියු කවි

 තප්පරෙත් කල්පයක් තරම් දිගු විය හැකි වගක්  - දැන නොසිටියෙමි

කදුළු හංගන් හිනාවනු මෙච්චරට වේදනා වගක් - දැන නොසිටියෙමි
දුකට ලියවෙන කවි මේ තරමටම බර වගක් - දැන නොසිටියෙමි
නුඹ නොමැති රැයවල් මේ තරම් අදුරු වගක් - දැන නොසිටියෙමි

ඉතින් සරාසද..
අදටත් දන්නා එකම දේ නම්,

දැනුණ තනි පුරවන්න..
කවි ලිව්වා මං ඔන්න..
අවැසි නම් දැනගන්න..
ලියූ කවි කියවන්න..


https://kawisithuwiliwimana.blogspot.com/2024/07/blog-post.html

Thursday, 9 January 2025

ඔයාගේ සතුට 🥹🥰

 "මං දන්නේ නෑ අපි අතරේ,

මොකද්ද තියෙන්නේ කියලා.

ඒත් මං එකම එක දෙයක් දන්නවා...

මට ඔයාව දැනෙනවා.

මට පුලුවං මගේ හැමදේම ඔයාට කියලා,

නිදහස් වෙන්න..."


"මගේ ඇතුලෙන් එක මොහොතකම කියනවා..

ඔයාට කතා කරන්න, ඔයාට msg එකක් දාන්න,

ඔයත් එක්ක ඇවිදින්න යන්න, ඔයාට තුරුලු වෙන්න. කියලා."


"මේ මොහොතේ මගේ ජීවිතේ,

සතුටින්ම තියන්න පුලුවන් ඒ මිහිරි හැගීම් වලට..

ඔව් මං හොදටම දන්නවා ඒක..."


"හැබැයි මට දැනෙන ඒ මිහිරි හැගීමම ඔයාටත්,

දැනෙන්න ඕනේ කියලා මං විශ්වාස කරනවා..

ඒ වගේම මං විශ්වාස කරනවා එතකොට,

ඒ මතකයන් ලස්සන වෙයි කියලා.."


ඒත්...


"එක මොහොතක ඔයා මාව පොඩ්ඩක් දුරස් කරනවා..

මං දන්නවා ඔයාට ඒකට 100% අයිතිය තියෙනවා."


"ඒ මොහොතේ ඉදං,

ඔයාට කතා කරන්න,

Msg කරන්න,

ඇවිදින්න යන්න,

තුරුල් වෙන්න ඕන වෙද්දි,

මගේ ඇතුලෙන් කියනව

'ඔයාට නිදහසේ ඉන්න දෙන්න' කියලා.. "


මේ වෙලාවේ මගේ එකම සතුට නිදහස ඔයා උනත්,

ඒක වලක්වන්න මගේ ඇතුලෙන්ම මට උපදෙස් දෙනවා..


"ඔව් මට මේක අලුත් අත්දැකීමක්..

මගේම ඇතුලේ වෙන ද්වන්ද සටනකට මං කොටු වෙලා.."


"ඔයාට කතා කරන්න ඕනෙත් කියනවා,

ඔයාට නිදහසේ ඉන්න දෙන්න කියලත් කියනවා.."


"ඔයාට කතා කරොත්,

මං සතුටින් ඉන්නවා,

ඒත් 

මට හැමමොහොතකම හිතෙනවා,

ඔයාගේ නිදහස නැති වෙයිද කියලා.."


"මං ඔයාට කතා කරන්නේ නැත්තම්,

මං දන්නවා ඔයා ඔයාගේ නිදහස හොයාගනීවි,

ඒත් මගේ සතුට අඩු වෙයි.."


"මගේ සතුටද? ඔයාගේ නිදහසද?"


"මට ඕනේ නෑ මගේ සතුට,

මං ඊට වඩා ආසයි ඔයා ඔයාවම හොයාගෙන,

නිදහසින් සතුටින් ඉන්නවට.."


"මගේ ඇතුලේ වෙන මහා සටනෙදි,

මම මගේ සතුටට විරුද්ධව,

හැමදාම ඔයාගේ,

සතුට නිදහස වෙනුවෙන් සටන් වදිනවා.." 🖤🌿

Saturday, 13 July 2024

මගේ කතාව අවසන්

මේක මගේ කතාව ..

මං හිතන් හිටියේ ආයි කවදාවත්ම ඔයා ගැන ලියන්නේ නැහැ කියලා.
ඒත් ....
මට හිතුනා අවසාන වතාවට හරි ඔයා ගැන ලියන්න ඕනේ කියලා.
හරිම අපහසුවෙන් මම පෑන අතට ගත්තේ කොහොමහරි මේ කතාවට අවසානයක්  තියෙනවා කියලා හිතාගෙන.
ඔයාගෙයි මගෙයි කතාව ...
පටන් ගැන්මක්වත් අවසානයක්වත් නොදැන පටන් ගත්ත අපේ බැඳීම මේ විදිහට නතර වෙනව දකින්න නම් මට කිසිම ආසාවක් තිබුනෙ නෑ.
"අපි දෙන්නා නතර වෙන්න ඕන මෙහෙම නෙවෙයි "
කියලා ඔයාට මං කියන්න කොච්චර වෑයම් කලත් ඔයා ඉන්න තත්වෙත් එක්ක ඒක මං කියන එක සුදුසු නැති දෙයක් කියලා මට හිතුනා.ඉතින් මං එතනදිත් නිහඩ වුණා.
එක දිගට කතා කරපු video call ,  ඉවරයක් නැතිවුණු chat එක නැති වෙනකොට ගෙවෙන හැම තත්පරයකම මං මහා පාළු මුසල කළුවර ජීවිතයක අතරමං වුණා.
🥹🥹
දන්නවද .....
මං කවදාවත් හිතුවේ නෑ ඔයාට මං මේ තරම් ආදරේ කරනවා කියලා.
ඒත්...
මං මේ තරම් ඔයාට ආදරේ කරනවා කියලා තේරුනේ ඔයා යන්නම ගියාට පස්සේ,
තුන් වේලම එක වෙලක් වෙල කනකොට,
බලාගත්තු අතේ  බලාගෙන ඔහේ කල්පනා කරනකොට,
ඔලුව පුපුරන්න තරම් ආපු වේදනාවක් හැදෙනකොට ..
ඔව් මං දැනගත්තා මං සීමාව ඉක්මවලා ඔයාට ආදරේ කරන්න පටන් අරන් කියලා.
මං හොයපු රූපෙ ඔයා වෙනකොට,
පොළොවෙ පය ගහලා ඉන්න ලස්සන මනුස්සයෙක් විදිහට මං ඔයාව දකිනකොට   සීමාකාරී ඉවසිම්වත් ,
පමණ ඉක්මවලා කරන කැපකිරීම් සීමා කරන්නවත්,
කොටින්ම කිව්වොත් සීමාවකට ආදරය කරන්නත් මට වුවමනාවක් තිබුණේ නෑ.
ඒ නිසාම වෙන්න ඇති මං ඔයාට එච්චරට ආදරේ කරේ.

"ඔයා කවදාවත් වැටෙන්න  එපා" ඒ ඔයා මට කියපු  අවසාන කතාව

"නැහැ මං අවුල් කරගන්නෙ නැහැ".

මං ඔයාට කිව්වේ එහෙම,
ඒත් මං හොඳටම අවුල් වුණා,
මං ඔයාව  බලාපොරොත්තු වන නිසා.
එත් ඒක ඔයාට කියන්න තරම් ශක්තියක්  මට ඒ වෙලාවෙ තිබුනෙ නෑ.
මොකද  තවත් ඔයාගේ මනස විකෘති වෙන්න  මං කියන එක වචනයක් හෝ මුල් වේ යන බය තිබුණු නිසා.🥹
"බුදු සරණයි"
යන පිළිතුරෙන් අපේ කතාව අවසන් කලා. ක්ෂණයෙන් මා දෑස් වසා ගත්තත් මා වටා  තිබුණේ අපේ ආදරණීය මතකයන්.ලොකු කාලෙකට අපි අපේ නොවුනත්,
හරි ලස්සනයි අපේ මතක,
අපි ඉදහිට හරි හමුවෙලා කල කතා බහ,
ඔයාගෙ ඇස්වලින් දෝරෙ ගැලුව ආදරය,
ඔයා ලග ඉන්නකොට නහය කඩාගෙන යන තරමට
දැනුණ ඒ සුවද,
මට අදටත් මැවෙනවා..! දැනෙනවා..!😐🥹
මහා ලොකු කාලයක ලස්සන මතක නොවුනත් ගෙවපු චූටිම මතකයක් වුණත් මට ඒව හරි ආදරණීය වුණා.
ඔයා වෙනුවෙන් වෙන් වුණු Ringtone   එකක් වැටෙනකොට ...
ඔයා වෙනුවෙන් වෙලාව වෙන් කරනකොට ...
ඔව් මට ආය ආය හිතන්න තිබුණා...
මේක මුලාවක් කියලා..

🥹🥹🥹🥹

එක පුංචිම පුංචි ඇමුතුමක් දින සති මාස ගණන් ඉවසන් බලන් ඉන්න පුළුවන් තරම් ආදරණිය වුණා.ඇයි මං මේ තරම් ආදරේ කරේ මම මගෙන්ම අහන ප්‍රශ්නය ඒක. ?

දින ගනනාවක් වචන කිහිපයක් ඔයාට කතා කරන්නට උවමනා වුණත් අහේතුවකටද මන්දා හැමදාම මගේ හිත ඔයාට මානසික වදයක් වෙන්න එපා කියලා නතර කරා. 
මොක ද මං ආසම මං ආදරය කරන මිනිස්සු හිනාවෙලා ලස්සනට ඉන්නවා දකින එක.
ඉතින් මට උවමනා උනේ නෑ වටිනාකමක් නැති මේ කතාව ඔයාට කියලා ඔයාව තවත් මානසිකව අවුල් කරන්න.

හැමදාම උදේ හවස අහපු ඒ කටහඬ...
වශී වෙන තරම් ඒ කෝලංකාර ඇස් දෙක...
ටික කාලෙක ඉඳන් මගෙන් ඈත් වෙන බව දැනුනත් කාටවත් නොකියාම ඔයාගෙන් නොඅසාම

" නෑ එහෙම වෙන්නේ නෑ"

  කියලා හිතාගෙන මං බලන් හිටියත්  ,ඒ හැමදේම ඇත්තක් වෙලා ඒ රූප රාමු  මගේ ඉස්සරහම මැවී පෙන කොට දැනෙන වේදනාව චූටිම චූටි උල් ඉදිකට්ටකින් පපුව පුරා අනින්නා වගේ හැඟීමක් මට දැනෙන්නට වුණා.
පපුව හිරි වැටිලා යන ඒ වේදනාව මං හිතන්න මට ඊට කලින් දැනිලා තිබුනේ නෑ.

"ඇයි මෙහෙම කරන්නේ?"

ඔව් මට මෙහෙම අහන්න හිතුණු වාරානන්තයි.
මේ වචන ටික අහලා රණ්ඩු කිරීමට පවා නොහැකි තරමට මම දුර්වල වෙලා.
ඒ ඔයා ප්‍රශ්න ගනනාවක ගිලී ඇති බව මා දැන දැනත් යක්ෂණියක්  ලෙස ඔයාට  කඩා පනින්නට මට උවමනාවක් නොතිබුණු නිසා.එතනත් මං  දැක්කේ මගේ හිතේ තියෙන අසීමාන්තික ප්‍රේමය පමණයි.

"අයිතියක් නැති ප්‍රේමය හරිම ලස්සනයි ! මොකද දුර ඉදලම මොන දේ වුනත් එයාටම ප්‍රේම කල හැකි නිසා" මං අහල තිබුනේ එහෙම..
එත් ඒ සියලු වචන  දාර්ශනික වදන් පමණක් බව දැනෙන්නෙ මා දැන් සිටින තත්ත්වය මටම තේරුම් ගිය මෙ වෙලාවේ..
බලාහිදීම කොතරම් ප්‍රේමණීය වූවද, බලාපොරොත්තු එකිනෙක බිඳ වැටෙන විට බලාහිඳීමේ වේදනාව උපරිමයෙන්ම මට තේරුම් ගියා.

හ්ම්...

"ඇත්තෙන්ම ඔයාට හැඟීමක් නැතිද? මං වෙනුවෙන්" ඒ මට නුඹෙන් අසන්නට සිතුණු අවසානම පැනය..

එහෙත් තවත් උත්තර නැති ප්‍රශ්න වල ඔයාව හිර කරල  ඔයාව  කබලෙන් ලිපට ඇද දන්න උවමනාවක් නෑ. .ඔයාට මේ ආදරෙ ගැන කියන්න.
මා කිහිප වතාවක්ම  උත්සහ කලත්,ඔයා එය පිළිගැනීමටද තේරුන් ගැනීමටද තරම් වෙහෙසක් නොගත් බව මට තෙරුම් ගොස් බොහෝ කල් ය.

ඇත්ත තමයි..! ඔයාට වරදක් කියන්න බෑ, හුස්ම වැටෙන හැම ජීවයක්ම වෙනස් වෙනවා.. ඔව් මම ඒක පිලිගන්නවා... හැබැයි මොන කරුමෙකටද දන්නෑ මට ඔයා තරම්ම වෙනස් වෙන්න බැරි උනා,

මම දැනගෙන ඉදියා එක දෙයක්...! ඒ තමයි ඇතැම් කාලවල අපේ ජීවිතවලට හමුවන සමහර බැදීම් අපිට ලොකු සතුටක් දෙනවා වගේම කාලෙකදි ලොකු වේදනාවක්ද දෙන බව... ඒත් කවදාවත් ඔයාගෙ වෙනස්වීමක් බලාපොරොත්තු වුනේ නෑ.. නොහිතපු විදිහට ලොකු වේදනාවක් එක්ක ඔයා ගොඩක් වෙනස් උනා.. ඔයත් ජීවිතේට හමුවුන අහඹු හමුවීමක් විතරක් වුනා..

සත්‍ය නම් එයමය.මා තවමත් නුඹට සෙනෙහස දක්වමි.
එයින් මගේ ජීවිතය තවත් සතුටින් තබනවා මිසක විනාශ නොවන බව මා පමණක් හොදින්ම දනිමි..
ඉතිං තවමත් මා බලාහිඳිමි.පෙර මෙන් නොවුනත් පෙරටත් වඩා නිහඬව බලා හිඳිමි..
ඇත්ත..
මිනිස්සුන්ගේ ආදරෙ ඉවර වෙනවා 🥺
❤️‍🩹 

ඉතිං මගේ කතාව අවසන් 🥹🥹







Tuesday, 11 June 2024

මට ඔයාව හුගක් මතක් වෙනවා

 ඇත්තම කතාව

මට ඔයාව හුගාක් මතක් වෙනවා ...

ඉර බැහැගෙන යන හවසක
රතු පාට අහස දැක්කම මට ඔයාව මතක් වෙනවා
මේ වගේ දවසක
යාන්තමට කළුවර වැටුන හවසක
හීනියට හමන හුළගක් ඇගේ වදිද්දී මට ඔයාව මතක් වෙනවා
එක පාර වැටෙන වැස්සක
කුඩයක්වත් ළග නැතිව තනිවෙච්ච වෙලාවක
හිතල වැහි වතුර වැටෙද්දී
මට ඔයාව මතක් වෙනවා
මං කියවන පොතක
පිටු අතරේ ලියවුන කතාවක , අපේ වගේ කතාවක් කියවද්දී
මට ඔයාව මතක් වෙනවා
කොහේහරි ඈතකින් , අහම්බෙන් වගේ ඇහෙන
ඔයා ආසයි කිව්ව සින්දුවක් ඇහෙද්දී
මට ආයෙමත් ඔයාව මතක් වෙනවා ..
ඇත්තම කතාව
අදත් තවමත් මට ඔයාව හුගක් මතක් වෙනවා .....! 

මට මහන්සි

 හරි මහන්සියි 😓

ගතට වගේම හිතටත්..
දිනෙන් දින ක්ෂයවන
මොණරකොල අස්සෙ හැංගුණු
අම්මගෙ අප්පච්චගේ දාඩිය සුවඳ
කොහොම මිල කරන්න ද.....
උදේට දවල්ට වගේම රෑටත්
ඇටත් නැති,ලුණුත් නැති
පරිප්පුව උගුරෙන් පහලට යද්දි
සිහියට ගත්තෙම
අම්මා උදේ රෑ දකින හීනෙ....
ලෙඩක් දුකක් වුනත් විවේකයක් නැතුව 
බඩට බත් නැතුව දවස ගෙවන
අහිංසක තරුණ ජීවිතේ
හොස්ටල් කාමරේට,ඇකඩමික් එකට
සින්න වෙලා....
මේ ගෙවෙන්නෙ අමාරුම කාර්තුවක්
අල්ලගෙන ඉන්නම ඕනි කාලයක්
උඹෙයි මගෙයි අපි ඔක්කොගෙම හීනෙට
වැඩි දුර නෑ ...
වැටෙන හැම වෙලාවකම හිතන්නම ඕනි

" මේ මගේ අම්මගෙ හීනෙ 👩‍👧❤️"

ඒ නිසා අල්ලගෙන ඉමු 💪🌵🌸

තිරය පිටුපස පෙම්වතිය

 තිරය පසුපස පෙම්වතිය මමයි ඔබ ගැන හොයන වදවෙන..

ගැලරියේ ඉඩ නොලැබෙන
අහම්බෙන් ඔබේ සිනහවේ උස් කටහඬ ඇහෙන
පෙම්වතිය වෙමි මම තිරය පිටුපස..❤️

ඇහැට ඇගිල්ලෙන් අනින කලුවරක
වැලද තදින් සිඹින
මෙච්චරක් ආදරේ බැවු පවසන
මහා සභාවෝ මැද මා තනිකරන
පෙම්වති මමයි
තිරය පිටුපස..🥀💔

එයාට මාව වදයක් 2023/06/21

 "හැගීම් එක්ක තනියම කතාකරලා තියනවද "

"ඔව් "
"මොනාද ?"

"මං හිතන් හිටියෙ
එයත් එක්ක මාලිගාවෙ යන්න
අඩුම තරමෙ වැව රව්මෙ වත් "
හවස ඉර බැහැගෙන යද්දි මූද දිහා බලන් ඉන්න
වෙරලේ අපි දෙන්නගෙ නම් ලියලා රැල්ල ට මැකෙනව බලන්න
එයාව ඉබලා දුවන්න
හයියෙන් කෑ ගහලා ආදරෙයි කියන්න "
මහන්සි හැදුනම
එයාගේ උරහිසට බර වෙන්න...

"මං හිතන් හිටියෙ එයත් එක්ක
ඒ උණුහුමේ ගුලි වෙන්න ..
ඇති හිතෙනකම් උරහිසේ නිදාගන්න
වෙන එකියක් දිහා බැලුවම
ඉරිසියාවෙන් පිපිරෙන්න .... "
ඉතිං මට ඕන වුණේ ඒ පිස්සු කොච්චිය ලස්සනට කියවන්න...
ඒත් ...
🥺 එයාට මාව වදයක්  ..
ඉතිං එච්චරයි  😊❤️‍🩹

මට කිසිම අයිතියක් නෑ

 මට අයිතියක් නෑ

හැමදාම මාත් එක්ක ඉන්න කියල ඔයාට කියන්න...
හැබැයි මං කැමතී
මගේ ජීවිතේ තියෙනකන්
ඔයා එක්ක ඉන්න..
මං දන්නවා,
අපි ආදරේ කරන අය
හැමදාම අපි එක්ක ඉන්නෙ නෑ...
එකට අපි හුරු වෙන්න ඕන...
එත්...
ඔයා නොදන්නවා වුනාට,ඔයාට නොදැනුනාට...
"මං හරි බයයි පිස්සු කෝච්චිය
ඔයාව මට නැති වෙයි කියලා"

ඉතින් මං ඔයාට ආදරෙයි නෙවෙයි
මං ඔයාට හරි ලෝබයි මැට්ටෝ..
මට ඔයාව දාල යන්න
හේතු හොයනවට වඩා,
ඔයා ළඟ ඉන්න තියෙන
හේතු වලට මං හරි ආදරෙයි!

ඉතින්  මැට්ටෝ...
නොසෑහෙන්න ආදරෙයි මං
අහ් නෑ නෑ
නොසෑහෙන්න ඔයාට ලෝභයි 🥱🥱

ආදරණිය පින්නවල 2023/05/24

 සමහර දවස් තිබුණා 

කුරු එකතු කරලා

වචන ලියා ගන්න බැරිව යන...
වචන ගළප ගත්තාත් කිසිම තෙරුමක් නැති වාක්‍ය ලියවුණු ...
හිත කලබල වෙලා ද...
Confused වෙලා ද කියලානම් දන්නේ නෑ 😉..
මොකක් ද දෙකට හිත කිති කැවිලා වගේනම් දැනෙනවා...☺️☺️
කොම වුණත් ...
ආදරණිය කිඹුල් අරණ ආරම්භය ඔයාලාගේ..
අවසානය සමනල අරණේ ...🙃🙃
ඉතිං හැලයෝ බොහොම ස්තූතියි
ආයෙත් දවසක හමුවෙන තුරු සීදේවි ආදරෙන් බලා ගන්න...❤️‍🩹🌹

එක ලොකු ආසාවක් 2023/05/12

 ඔව් ..

එක ලොකු ආසාවක්..
දැන් ඔනි කොහේ හරි තැනක තනි වෙලා
ජිවිතේ ගැන හිතන්න...
කොළ පාට පිරුණු , නිස්කලංක තැනක තනියම ඔහේ කල්පනා කරන්න ...
සීතල සුළං එක්ක චුටි වැස්සක තෙමෙන්න ...
කියා ගන්න බැරි ගොඩක් දෙවල් කියලා අඬන්න ..
කෑ ගන්න..
ටිකකට හරි වටිනාකමක් නොදෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නයි ඔනි..
සමහර තැන් වල ජිවිතේ දරා ගත්තේ දරා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා ...
සමහර තැන් වල හිනා වුනේ කෑ ගහල අඩන්න බැරි නිසා..
සමහර තැන් වල තනි වුණේ ඊට වඩා දෙයක් කරන්න නැති නිසා..
සමහර දෙවල් අතාරින්න තැනට හිත හදා ගත්තේ ඒ දෙවල් වලට මං නොගැලපෙන නිසා ..
ඔව් ..
මං මේ හැමදේම දන්නවා ...
එත් දැන් හරි මහන්සි ...
තවත් බෑ බැඳිම් වෙනුවෙන් ,රිදිම් වෙනුවෙන් විඳවන්න..
ඉතිං අවසානයේ
ඔව් මං පැත්තකට වුණා
නිහඬවම  🥺😊❤️‍🩹




එක පිස්සුවක් 2023/05/07

 ආදරේ කරන්න පුලුවන්ද  🤨

මාස ගනන් නොදැක,
අතින්වත් අල්ලන්නේ නැතුව...? 🤔

විශ්වාස කරනවද,
ආදරේ ඔක්කොටම වඩා ප‍රිස්සම්
කියලා එහෙම තැන් වල..ඒ ආදරය කියාගන්න බැරිතරම් ශක්තිමත් කියලා


ඔයා මුලු දවසම
දැන් කතා කරයි දැන් කතා කරයි කියලා
ෆෝන් එක දිහා
බලන් ඉන්න එකම පිස්සුවක් ..😏

එහා පැත්තෙන්
කටහඩ ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරි අපූරු
මීවිතක්..🤭

ගන්න හැම
Video call එක පුරාම,
කවදාවත් නැතුව
මුනිවත රකින
ආදරේ පිරි
මොහොතක්....❤️‍🩹


බලන වෙලාවක
එයා දකී නේද කියලා
මැසේජ් පොකුරක් යවලා
සීන් කරනකන්
බලන් ඉන්න
අමුතුම පිස්සුවක් 😉

කාලේ ගෙවෙන්නේ
නැද්ද කියලා
හිතින් බැන බැන
කැලැන්ඩරේ දිග නිවාඩුවක් එනකන් මග බලන  පිස්සුවක්...😌

ඔව් එක ඇත්තටම පිස්සුවක් ..
ඉතිං මගේ පිස්සු කෝච්චිය ...
ආදරෙයි හොදේ  ❤️‍🩹🌹

ඇමතුම 2023/04/28

 දන්නවා ද..

ඇමතුමක් තිබ්බා..
හිතේ ඇවිලෙන දහසක් ප්‍රශ්න එක්ක
හිත හෙව්වෙම ඒ ඇමතුම..
විඩාබර දවසක ගෙදරින් එන ඇමතුමට පස්සෙ එන ඒ ඇමතුම ...
දහසක් වැඩ එක්ක වුනත් මං හෙවුවෙම ඒ කටහඬ..
ඔයාට නොකිවාට
ඔව් ඔය voice  එක ටිකක් සැර වුනාට 
මං ආසම ඔය කියවිල්ල අහන් ඉන්න...
එක පිස්සුවක් ඇත්තටම මත් වෙච්ච පිස්සුවක්...
එකනේ මං ඔයාට පිස්සු කොච්චිය කියන්නේ..❤️‍🩹
ඔයා දන්නවා ද...
එක දිගට පැය ගනක් ඔයාගෙන් mg එකක් cl එකක් නැති වෙනකොට
මටත් දුක හිතෙනවා 😒
ඔයා දන්නවා මං ආස නෑ හිමි විම අහිමි විම ගැන කතා කරන්න ...
එත් මං කැමතිම මේ හමුවිම ආදරණිය වෙනවට...
ඉතිං මගේ පිස්සු කොච්චිය ...
ඔයාගේ ඇමතුම එනකන් මං බලන් ඉන්නවා..
එක මතක තියා ගන්න 
ඔයාට මං ආදරෙයි කියන්නේ නෑ..
හැබැයි කෑගලා කියන්න හිතයි මං ඔයාට ආදරෙයි කියලා ❤️‍🩹🌹
ඉතිං මගේ හිත නිවන ඒ ඇමතුමට හැමදාමත් වගේ ආදරෙයි ...❤️‍🩹

සමහර වෙලාවට ඔයාට එපා වෙනවත් ඇති පැය ගනන් කියවන මගේ කචේ අහන් ඉන්නත් 😒
කොම හරි අහන් ඉන්න වෙන කරන්න දෙයක් නෑ ඉතිං ....😌
විඩාබර දවසක එකම එක හිත නිවන ඒ ඇමතුම ❤️‍🩹 ඔව්







පිට කොක්ක

 2023/04/06

කැම්පස් එක  දෑත් පටලන් යන පෙම්වතුන් දකින විට...

සිහි වුනා නුඹව මට එක සිතින්..
ආවත් සැනින් කඳුලක් ඇස් අඟට ඉතිං ...
දෑස් පියා සිහි කෙරුවා ඔය නපුරු ඇස් ඉතිං ..  🤭
පිය නැගු සරසවියේ පෙම්වතුන්නම් හමු වුනා..
සියක් කොකු මැද ඔය මුණ දහස්වර මට සිහි වුනා..
පෙම්වතුන්නම් කුමට මට ඔය පිස්සු කෝච්චිය මගේ නිසා..❤️‍🩹

ඉහටත් උඩින් වැඩ වැඩි වන දවසකට...
සැකයක් නාවොතින් පුදුමයි ඔය හිතට...
පොඩ්ඩක් නපුරුකම් කෙරුවත් මේමට ඉතිං ..😏
සිත මගේ ඉල්ලුවේ ඔය රළු පපුවේ උණුසුමම ඉතිං ..😚😍
මගේ කොපුල් මත සිනා තවරා..
දෑත් පටලන් සවිය විලා..
ළඟින් ඉන්නා පිට කොක්ක  මං ආදරෙයි මේ ඇත්තමයි  ❤️‍🩹

මට දැන් හොඳටම ඇති

 මටත් දැන් හොඳටෝම ඇති...."


‌"හදවත,"

තප්පරයක්ගානෙ දැනෙන වේදනා
පපුව අස්සට ඔබාගන්න
අනේ මට බෑ
තවත් මේ දුක දරාගන්න
මේ අහන්න,
මතක දැන් හරි බරයි
බෑ තවත් දරාගෙන හූල්ලන්න
ඇත්තටම පුළුවන්ද ඔයාට
ඔය විදිහට හිනාවෙන්න

මැණික,
මගේ ආදරෙ නොදැණුනා ද එක තප්පරයක ..
සාගරේ තරම් කියූ ආදරේ
එයා එක්කම බෙදාගන්න
පිච්චෙන්නෙ නැතුව හිනාවෙන්න
අනේ මටත් ඩිංගක් කියාදෙන්න

‌"මොළය,"

මෝඩයෝ,
හිත හිතා වේඳනා දවසෙම
හදවතේ අඩියම තලාගන්න
අයිති නැති හිත ඔහොම මරලා දපන් හනිකට..
නොදැක ප්‍රේමය හැකි වුනානම්
තව එකෙක්ගෙ හිතකට එබෙන්න
මෝඩ හිත  මොංගල්ද,
ආදරේ අකුරවත් දන්නෙ නැති ඒ හිත මත්තෙම මැරෙන්න

අනුන්ගෙ හිත් වල දිග පළල මනින්න
මටත් දැන් ඇති වෙලා මේක,
මෙන්න මෙහෙ වරෙන් හිත..
මේ කොට්ටෙ බදාගෙන නිදියන්න....

ආඩම්බරකාර හඳ

 අහ්...

ආඩම්බරකාර හඳ 🌙
ඔයා හරි ලස්සනයි අද...
ඔයාට මතක ද ...
මේ වගේම දවසක හවස් වරුවක් ..
ඔයා එක්ක මුමුණ මුමුණ හිටියා..
අදත් මං දෙයක් කියන්නම්..
හැබැයි රහසක්...
එයාට කියන්න...
ගොඩක් ආදරෙයි
පරිස්සමෙන් ඉන්න කියන්න ...
ඔහ් ...
මං දැන් දැක්කේ
ඔයාගේ තනි තරුව ඔයා ළඟ නෙද ..
හැබැයි එයා දුරින් ඉන්නේ ඇයි 
දෙයක් කියන්න ද හඳ...
අද ඔයාගේ වටේ චුටි තරු ගොඩාරියක් තියේ..
එත් ඔයා පුර හඳ උනත්...
අඬ සඳ උනත්...
තනි රැක්ක චුටි තරුව තමයි එයා..
පුළුවන්නම් එයාව ළඟට ගන්න..
ආදරෙයි  කියන්න...
මොක ද...
අතුරුදන් වෙන තරු වලට වඩා...
හැමදාම තනි රැක්ක චුටි තරුව ඔයාට ගොඩක් ආදරෙයි ❤️🌻

එයා වෙනුවෙන් ගෙතුණු කවි 2

 මං අකමැතිම 

ආදරෙ කරන මිනිස්සු
දුරස් වෙනවට...🥺
දැවටෙන්න උණුහුමක්
ඕනිම වෙලාවක
එයා දුර කියලා
දැනෙන ඒ හැඟිමට..😔
එයාගේ අත අල්ලන්
ඇවිදින්න ඕනි කියලා
හිතෙන වෙලාවට
එයා නෑ කියලා දැනෙන හැඟිමට..😔
එයාගේ ඇස් දකින්නම ඕන කියලා
හිතෙන වෙලාවට
එයා පෙනතෙක් මානෙක නෑ කියලා දැනෙන හැඟිමට..😔
ඔව් ..
මං අකමැතිම ...
එයා දුර ඈත කියලා දැනෙන ඒ දරුණු හැඟිමට 😔🥺

එයා වෙනුවෙන් ගෙතුණු කවි

 අහම්බෙන් මට හම්බුන ඔයා - දැන් ආදරණිය අහඹු හමුවක් ...


ඒ වගේම කෙනෙකුට ඒ තරම් උතුම් හදවතක් තියෙන්න පුලුවන් කියලා මට විශ්වාස කරන්න හිතුනෙත් එයාගෙන්..

ගතවෙන දවසක් ගානෙම මේ හිතේ ඒ රුව ගැන ආදරය විතරක් නෙමෙයි ගෞරවයත් වැඩි උනේ මංවත් නොහිතපු විදියක ට "

කැපකිරීම් කියන්නෙ මොනවද කියලා මට ඉගැන්නුවේ එයා !
ආදරේ අපි හිතනවට වඩා හරි ලස්සනයි කියලා මට කියලා දුන්නෙ එයා !
දැන් මගේ ජීවිතේට නැතුවම් බැරි  හැඟීමත් එයා !

ඒ කෙනා මගේ ජීවිතේට ආවයින් පස්සෙ මගෙන් ලියවුණ හැම කවියකම අයිතිකාරයා උනේ එයා " 🥀
මගේ කවිවල නිමිත්ත උනේ එයා "

මං දන්න හැම භාෂාවකින්ම කිව්වත්....
මට කියන්න තියෙන්නේ එයා හරි ආදරණිය හිතක් තියන කොල්ලෙක්...

ඉතිං ගව් ගානක් දුර හිටියත් මේ දෙන ආදරෙට ආදරෙයි මහ හුගක් ....❤️
මේක ඒ අහඹු හමුවේ අයිතිකාරයට...🥱🫠❤️

Tuesday, 4 June 2024

ඇත්තටම මොනවද හොයන්නෙ

 ඇත්තටම මොනවද හොයන්නෙ

🧑‍⚕️මන් හෙව්වෙ ගස් වලින් පිරුණු කන්දක්
මහා රූස්ස තරමට මහපොලොවට දැනුන
:
🙍‍♀️හ්ම්ම්ම්
🧑‍⚕️ඔයා මොනවද හොයන්නෙ
🙎‍♀️මං ජීවිත කාලෙම හෙව්වෙ
ඇස් දෙකක් තියන පිරිමියෙක්
නපුරු අහංකාර ඇස් දෙකක් තියන
හරි හමන් ගානට තේජස තියන එකෙක්
ඇත්තටම දළ තියන ඇතෙක් ගානට
සත පහක කැටයම් නැති
ඝන පිරිමි හිතක්
කරඩුවක් තරම් දරණ් ඉන්න පුළුවන්
සංසාර පෙමක් ..🥺
ඉතින්
එහෙව් හිතක් ලග
හුස්මක් දැනෙන
පපුකුහර මත
මටමම කියලා දැනෙන
සැනසීම ටිකක්..😐
එත්....