Monday, 31 January 2022

හිමි සඳ නැති මං


 අදරින් එක් වුණු දා දැගිලි  බැද                       එකට 

අගහිඟකමක් නොදැනුණි නුඹේ ගුණ         කඳට

සතුටින් පිරිණු අපේ සුන්දර                       තුසිතයට 

හැඩුවා කණ කොකුන් සෙනෙහස            දෙපලුකොට 


උපතත් මරණයත් කාටත් පොදුයි            කියා 

ලොකේ ධර්මතාවේට අනුව නුඹ යන්න    ගියා

ගියේ ඇයි පැටවු සමගින් මා මේලොව      තියා 

නැ කුඩුවට ආවේ හිරු සඳු ආයේ              පායා


අකලට අහසෙහි වැසි වැස්සා හිස            මතට 

නුඹ නැති අඩුව දැනුනා  මාගේ තනි           සිතට 

තිරච්චිනයන් කරුණා පාන                     විට 

පැටවුන් නොසිටින්න දිව එමි නුඹ           ළගට 


කණවැන්දුම් කියා හංවඩු                     ගසනවා 

අසුබලු උන් මාව නිති මඟ                   හරිනවා

මගේ කරුමේටයි නුඹ මැරුනේ          කියනවා 

නුඹ නැති දුකට වැඩි දුක මේහි            තියනවා


සති පුජාව නොකලේ මා නුඹ             හන්දා 

ධාරක ප්‍රේමයට සිත පෙලඹූව            හන්දා

ලොකේට මිය ගියත් මාගේ හිමියන්   සැමදා

තවමත් සුසුම්ලන්නේ  මා නුඹ         හන්දා 


නුඹෙන් ඉතිරි වුන යුතුකම්               කුඩුවට

වෙර ගමි නුඹ වෙනුවෙන් එය  ඉටු  කරන්නට  

නුඹේ පතිනියම වී මිය යන              තුරාවට 

ඉන්නට හිමියනි  ආ වඩනු              මට   

2 comments: