අදරින් එක් වුණු දා දැගිලි බැද එකට
අගහිඟකමක් නොදැනුණි නුඹේ ගුණ කඳට
සතුටින් පිරිණු අපේ සුන්දර තුසිතයට
හැඩුවා කණ කොකුන් සෙනෙහස දෙපලුකොට
උපතත් මරණයත් කාටත් පොදුයි කියා
ලොකේ ධර්මතාවේට අනුව නුඹ යන්න ගියා
ගියේ ඇයි පැටවු සමගින් මා මේලොව තියා
නැ කුඩුවට ආවේ හිරු සඳු ආයේ පායා
අකලට අහසෙහි වැසි වැස්සා හිස මතට
නුඹ නැති අඩුව දැනුනා මාගේ තනි සිතට
තිරච්චිනයන් කරුණා පාන විට
පැටවුන් නොසිටින්න දිව එමි නුඹ ළගට
කණවැන්දුම් කියා හංවඩු ගසනවා
අසුබලු උන් මාව නිති මඟ හරිනවා
මගේ කරුමේටයි නුඹ මැරුනේ කියනවා
නුඹ නැති දුකට වැඩි දුක මේහි තියනවා
සති පුජාව නොකලේ මා නුඹ හන්දා
ධාරක ප්‍රේමයට සිත පෙලඹූව හන්දා
ලොකේට මිය ගියත් මාගේ හිමියන් සැමදා
තවමත් සුසුම්ලන්නේ මා නුඹ හන්දා
නුඹෙන් ඉතිරි වුන යුතුකම් කුඩුවට
වෙර ගමි නුඹ වෙනුවෙන් එය ඉටු කරන්නට
නුඹේ පතිනියම වී මිය යන තුරාවට
ඉන්නට හිමියනි ආ වඩනු මට
ආ
ReplyDelete💕💕💖
ReplyDelete