Saturday 8 January 2022

අවලස්සන හිනයක් ❤


 වේලාව සවස 4.30 යි 

නාද උනා දුරකථනය 

එකවරම..

බැලුවා ඉක්මනින් 

තිබුණා නමක් දුරකථන තිරයේ

මාගේ ආදර මිතුරි" චතුරි"

කාලේකින් එන ඇමතුමක් 

ගසන්නට සිතා කයිවාරුවක් ඉක්මනින් 

ඇමතුමට සම්බන්ධ උනා මාත් 

"හෙලෝ බන් අම්මාට ගොඩක් 

අමාරුයි බේර ගන්න බැයිලු" 

අනේ දෙවියනේ මගේ එකි අඩනවා

ඒ එකි බිදියත් එක්ක ආපු වචන

පපුව පසාරු කලා ඇත්තමයි..

එකමයි ක්ෂණයෙන් ආවේ

උඹ හොයාගෙන

දුක පොඩ්ඩක් හෝ නිවන්න

අහෝ දුකකි ..

ගියා එක අම්මෙක් 

අපව තනිකර සදහටම

ගොලු උනා හදවතම ...

මොර සුරන වැස්සක් වාගේ 

කදුලු මටත් නොදැනිම

මිතුරි මට බැරි වෙයි නුඹේ අම්මා වෙන්න 

හැම තප්පරයෙම ළඟ ඉන්න...

එත් උඹ ඉන්නවා මගේ හදවතේ ඉහළින්ම 

කප්පරක් දුක් අස්සේ හොයමු 

අපි ජිවිතය ...

මම ඉන්නවා උඹට ..


මම

✍️ උඹේ මිතුරි චලනි...









6 comments:

  1. ඇත්තටම ඇඩුනා බන්.එදා දවස ආයෙමත් මතකෙට ආවා.එදා මගේ දුක කියලා අඩන්න හිටියේ උබම විතරයි.උබට කිව්වා විතරයි අනේ උබ දුවගෙන ආවා.උබ මගේ මිතුරියක් නෙවේ බන් සහෝදරියක් මම වැටුණු හැමතැනම මාව සනසපු.නුඹ වගේ සහෝදරියක් හමුනොවේවි ආය නම් සසර පුරාවට.ආදරෙයි හැමදාමත් 💜️💜️💜️

    ReplyDelete