හිරැ ගිලුන ගොම්මනනේ
බියකරු අහස දෙසදෙඅත් නිකටේ හොවාගෙන
කදුල කැටි ඇස් වලින්
හිස් බැලුම් හෙල හෙලා
සුසුම් ගුලි පිට කරන
මගේ පොඩි නැගණියේ...
කුස තුල දගලමින්
වැඩෙන ඒ කලලයේ
හිමිකරු නෑ නොවෙද ආවේ
මගේ පොඩි නැගණියේ...
නොනසන්න ඒ ලේ කැටිය
රැකගනින් පණ මෙන්ම
නැතිමුත් පියෙකු හිමිකමට
වෙයන් නුඹ දෙගුරුන්
සෙනෙහසින් පිරුණු...
නුඹ රකින කිරි කැටියා
නුඹවත් රකියි යම් දිනක...
ලස්සනයී😘❤️
ReplyDeleteලස්සනයී😘❤️❤️
ReplyDelete