Thursday 15 December 2022

සමුගත් හමුවිම..


 අහම්බයකි මේ ජීවිතේ  

නුඹද මට හමුවිම අහම්බයකි..

 ඉතිං

 නුඹ, අහඹු හමුවිම 

ඇතැර පිටව ගොස් ඇත.. 

කතා කල ඒ කෙටි වදන් තවමත් මට ඇසෙයි..

මා තවම අහඹු හමුවිම

 අහම්භයක්ම දැයි විචාරමින් 

 නුඹගේ අහඹුව මෙනෙහි කරමින් ඇත.. 

අහඹු නුඹ මා වෙත පැමිණීම 

 කුමන්ත්‍රණයකි.. 

නැවත යාමද කුමන්ත්‍රණයේ කොටසකි.. 

නුඹ ගිය තැන්හි ශේෂ තවම ඉතිරිව ඇත.. 

එය අහඹුවක් නොවන බව මා පමණක් දනිමි...

 නුඹ තබා ගිය සිනාකැන්

 ඇත හදේ සනිටුහන් වී.. 

අහඹු නුඹ තව දුරටත් නොපෙනී යනු ඇත..

අවසන් බැල්මෙන් නුඹ මට කිවේ මේ හමුව ප්‍රමාදයක් බව පමණි..

 හමුවීමක් ඇති හිමිවීමක් නැති නුඹ ඈත යා යුතු මතකයකි...

😍😍🥺😍😍

2022/12/14



අහඹු හමුවිම


මට මගේ නොවෙන

මගේම් ආදරයක් තිබුනා 🙂

 ඒක ලොකු කාලයක් නෙවේ 

පොඩි කාලයක් 

අහඹු හමුවීමක් 

අහඹු හැගීමක් 

අහඹු ආකර්ශනයක් 

 මම එහෙම හිතුවා 

සමහර විට ඕනවටත් වඩා

 ආදරය කලා 

ලැබෙද්දි සතුටු උනා 

නොලැබෙද්දි රන්ඩු උනා

 මම ගොඩක් දුර 

මගේ කියලා හිතන් 

එයත් එක්ක පිය මැන්නා 🙂

 අවසානේට අපි 

කෙළවරට ආවා 

සමහර විට එයාට තාමත් 

පිළිගන්න බැරිව ඇති 

ලෝකේටම ඇහෙන්න 

කියන්න බැරිව ඇති 

අන්න අරකි තමා මගේ එකම ප්‍රේමය කියලා

 එයාට ඕන 

මේ ලෝකේටම කියන්න

 ඕන නෑ මම තාම තනියම 

පරන මතක එක්ක 

කියලා වෙන්න ඇති 😪 

 පිළිගන්න බැරි බැඳීමක් 

එක්ක ලොකු දුරක් නොයාම

 මම නැවතුනා..🙂 

 හ්ම් ඔව් ඒක මගේ නොවුන මගේම ආදරයක් 🖤

කඳුලු කතාවක් 🥺

❤️ "පර#% ටි අවලමේ ගිහින් ඇවිත්ද යකෝ මගෙ කරේ එල්ලුනේ උබ... .කියපන් ඉතින් ...." " මොනවද මිහිරාන් ඔයා මේ කියවන්නෙ...ඇයි ....ඇයි ඔහොම කතා කරන්නෙ ආහ්..." " කතා කරන්නෙද....කතා කරන්නෙ ඇයි කියලා බලහන් මේ...." කියමින් මිහිරාන් පෙන්නුවෙ ඇද ඇතිරිල්ල. ඔව් කෙල්ලගෙ ඉහ මොල රත් උනේ ක්ශනයෙන්.එහෙමම එක අතක් මුවගට ගියෙ අදහගන්න බැරි උනු නිසාමයි. " අනෙ...හ් අනෙ..මිහිරාන්...මේ..මේහ්...." " ඇයි දැන් බොරුවක් ගොතාගන්න බැරි තැන උබෙ වචනත් පැටලෙන්න අරන්ද...කතා කරපන් සත්‍යා....." " අනේ හ්..මිහිරාන්...මගෙ මහත්තයො ...අනෙ මන්...මන් එහෙම වරදක් කරපු කෙල්ලෙක් නෙවෙයි දෙයියො...." " හහ්...නොකරපු හැටි ඔය යස අගේට පේන්නම තියෙන්නෙ....උබෙ ඔය හැම කතාවක්ම විශ්වාස කරපු නිසා තමයි බන් මට මෙහෙම උනේ....ශික් තෝ කෑවා මාව...." කියපු මිහිරාන් කේන්තියෙන්ම සත්‍යවත් තල්ලු කරල දාලා ඇදුනෙ බාතෲම් එකට. කෙල්ල එහෙමම අඩ අඩා නිරුවතින්ම සීතල ටයිල් පොලොව මත වාඩි උනේ මේ වෙන දේවල් හිතාගන්න බැරි වෙද්දි යි.

 💢💢💢💢💢💢💢💢

 සත්‍යා නවාන්ජලී මිහිරාන් දිල්නෙත් ගෙ නීත්‍යානුකූල බිරිද උනේ පෙර දිනයේදීය. ඔව් පෙර දින රාත්‍රියේ ඇය ගතින් පවා තම අයිතීන් මිහිරාන්ට පුද දෙන්නට උනේ අපිරිමිත ඌ සෙනහසකින්. මොකද මිහිරාන් කියන්නෙ සත්‍යගෙ වසර තුනක ප්‍රේමය.ඔව් මිහිරාන්ගෙත් වෙනසක් නෑ. එකිනෙකාට ආදරේ කරලයි ඔවුන් විවාහ දිවියකට එලබුනේ.... ඒත් අවාසනාවක මහත පහුවදා උදේම කන කොකා හඩලන්නට උනේ ඒ ආදරනීය යුවල අතර විරසක ඇති කරලමිනුයි. "මොකද්ද දෙවියනේ මේ උනේ...? 🥺 අනික...මෙහෙම දෙයක්වෙන්නෙ කොහොමද....? " සත්‍යා හැඩුමන් අතරින්ම තමන්ගෙම එලෙස විමසන්නට උනේ හදවත පසාරු කරගෙන යනව තරම් වේදනාවක් දැනෙද්දි යි. මොන තරම් නම් හැඩුවත් කොයින්ද සිදු උන සිදුවීමට විසදුමක්.නැතත් කෙල්ල හරි අසරනයි මේ වෙලාවෙ. ඔව් හිතාගන්න බෑ මිහිරාන් මොනව කරයිද කියලා.මොකද කොල්ලා හිටියෙ ඒ තරම් කේන්තියකින්. 

 💢💢💢💢💢💢 

 " ඇයි උබ දැන් කිබුල් කදුලු හෙලන්නෙ ආහ්...උබ හිතුවද මන් ආයෙ ඕවට රැවටිලා ගොනෙක් වෙයි කියලා...." බාතෲම් එකෙන් මිහිරාන් එලියට එද්දිත් කෙල්ල කරේ දනහිසට ඔලුව බර කරන් අඩපු එක. ඒකමයි කොල්ලා අයෙත් කෙල්ලට ඒ විදියට කිව්වෙ. මොකද සත්‍යා මොන තරම් හඩා වැලපුනත් අද මිහිරාන්ගෙ හදෙහි උපදින්නෙම වේදනාව පරයා මහත් වූ තරහක්. " අනේහ්....මිහ්..." " ඇති සත්‍යා නවත්තපන්.මට උබෙ බොරු බයිලා අහන්න ඕනි නෑ ආයෙ.අනික උබ තාමත් ඔහොම ඉන්නෙ මගෙ හැගීම් ඇවිස්සෙයි කියල හිතල නම් මතක තියාගනින් කීයටවත් ඒක වෙන්නෙ නෑ කියලා...." මිහිරාන්ගෙ ඒ වදන් සවන් වැකෙද්දියි සත්‍යගෙ සිහියට නැගුනෙ තවමත් ඇය නිරුවතින් බව. එහෙමම සත්‍යා හුන් තැනින් නැගිට ඇදුනුත් අරන් බාතෲම් එකට ඇදුනෙ මිහිරාන් දිහාවට අසරන වූ බැල්මක් හෙලමිනුයි. ඒත් එකදු වූ විනාඩියකට අද ඒ පිරිමි හිත සසල නොවූ හැඩයි. 

 💢💢💢💢💢💢 

 වතුර මල යටට උනු සත්‍යා හුග වෙලාවක් කාලය ගත කරේ අසිහියෙන් වගේ. කෙල්ලට බයයි උනු දේ එක්කල මිහිරාන් තමන්ව ප්‍රතික්ෂේප කරයි කියලා. තමන්ව අමතක කරයි කියලා. කොහොමද කෙල්ල අවුරුදු ගානක ආදරේ අමතක කරන්නෙ ? ප්‍රවීන් තමන්ව ප්‍රතික්ෂේප කරොත් අම්මා තාත්තා ට මූන දෙන්නෙ කොහොමද? ගමේ මිනිස්සු මොනව නොකියයි ද? ඔව් ඒ හිත හරි අසරනයි අද. ප්‍රශ්න ගොඩක පැටලිලා ලිහාගන්නවත් බැරි විදියෙන්. 

 💢 💢💢💢💢💢 

 " සත්‍යා මතක තියාගනින් මන් උබව ගෙදර එලවන්නෙ නෑ . මොකද එහෙම උනොත් මගෙ අම්ම තාත්තා ට ත් ලැජ්ජ වෙන්න වෙයි.ගමේ මිනිස්සු හැමෝම කියයි මන් කර ගහගන්න ගිහින් තියෙන්නෙ වටේ යන වේ#% බඩු#% ක් කියලා.මිනිස්සු හිනාවෙයි බන් උබ ආදරේ කරෙ එහෙම එකෙක්ටද කියල අහල. අන්න ඒ දේවල් නිසා උබ යවන්නෙ නෑ වගේම උබ මගෙ කසාද ගෑනි වෙන්නෙත් නමට විතරයි.ඒ තරම් අප්පිරියයි මට උබව." බාතෲම් එකෙන් එලියට ආපු සත්‍යට මිහිරාන් එවදන් එක හුස්මට කියන් ගියේ හිස් අහස දිහා බලාන. " පින් මිහිරාන් එහෙම හරි මට ඉන්න දෙනවට.නැත්තම් මගෙ අම්ම තාත්තා ගෙ පපුව පැලිල මැරෙයි." කෙල්ලගෙ එවදන් ගනනකටවත් නොගෙන මිහිරාන් බැල්කනි එකට ගියා. වේදනාවක් උනත් ඒ වේදනාව අතරින් සත්‍යට යම් සැනසුමක් උනේ මිහිරාන් තමන්ට ඉන්න දෙන වගට පැවසූ වදන නිසාමයි. 

 💢💢💢💢💢💢 

 එදා ඉදන් දින සති ගෙවිලා ගියේ හැමදාම සත්‍යගෙ ඇස් වලට උනන කදුලැලි වල අඩුවක් නොව්‍ර්ද්දි යි. ඔව් ඒ තරමට ගෙවුනු කාලය ඇතුලෙ සත්‍යා නොසෑහෙන්න ජීවිතේ විදෙව්වා. " මිහිරාන්...මටහ්...මට...අම්මලව බලන්න යන්න ඕනි මහත්තයො...." " ඉතින් පලයන්.මට මොනවද කියන්නෙ...උබ අවලමේ ගියෙත් එක එකා එක්ක මගෙන් අහල නෙවෙයිනෙ...." මිහිරාන්ගෙ වචන පිහිතුඩක් වැනියි. ඒත් මොනව කරන්නද නොකල වරදකට සත්‍යට හැමදේම ඉවසන්න වෙලා. කදුලු පිරුනු නෙතග බිමට බර කරන් කෙල්ල එතනින් පිටව ගියා. ඒ තව තවත් මිහිරාන්ගෙ නොහොබිනා වචන ලග ඒ හිත රිද්දගන්න බැරි නිසාමයි. 

 💢 💢💢💢💢💢 

 කාලයත් එක්ක මිහිරාන් තදින්ම මතට ඇබ්බැහි උනේ අතේ තියෙන හැම සතයම ඒවට යට කරමින්. කොටින්ම තමන් කඩෙන් කාලා ආවත් සත්‍යට කන්න තියෙනවද කියලවත් මිහිරාන් හොයල බැලුවෙ නෑ. ඒ නිසාම ගෙදර තියෙන අගහිගකම් එක්කලා සත්‍යා තුන්වේලම නොකා හිටි දවස් ඕනි තරම් තිබ්බා. සමහර දාට සත්‍යා මිහිරාන් ට කිව්වා උනත් ගෙදර අඩුපාඩු ගැන ඒ හැම මොහොතක ම මිහිරාන් කරේ යකෙක් වගේ සත්‍යගෙ ඇගට කඩා පැනපු එක. ඒ නිසාම සත්‍යා දැන් මිහිරාන්ට ඒ දේවල් වත් කියන්න නොයන තරම්. 

 💢💢💢💢💢💢

 අන්තිමට සත්‍යා මේ දේවල් නිසාම ගෙදර ලග තිබුනු කඩේක වැඩට යන්න හුරු උනා. ඒ දේවල් වලට උනත් මිහිරාන්ගෙ කැමැත්තක් තිබුනෙ නෑ. පිට මිනිස්සු වෙනුවට සත්‍ය වැඩට යන එකට කතා හැදුවෙ ගෙදර ඉන්න තමන්ගෙ ම කසාද මි / නි / හා. ඒත් මොනව කරන්නද.එන්න එන්නම ගෙදර අගහිගකම් වැඩි වෙද්දි කෙල්ල කොහොමනම් ඉවසන්නද.... " මෙහෙමද යකෝ කන්න උයන්නෙ...." " තුහ් නොදකින් බලපන් මේව කටේවත් තියන්න පුලුවන් ද කියලා...." " අනේ ඇයි මහත්තයො ......" කෙල්ල ගෙදර ආවෙ උන හැදිලා.කොටින්ම ඇග පත තලලා දාලා තරම් රිදුම් දුන්නා.ඒත් ඇය මිහිරාන්ට තිබුනු අපිරිමිත වූ සෙනෙහස නිසාම මාලු මිරිසට හදලා පරිප්පු තෙම්පරාදු කරලා තිබ්බා. ඒත් මිහිරාන් ඒකෙත් වැරදිම මිසක් හොදක් හෙව්වෙවත් දැක්කෙවත් නෑ. 

 💢💢💢💢💢💢

 ඔව් මිහිරාන් බීමතින් ඇවිත් හැමදාම සත්‍යට දෙන්න පුලුවන් දසවද ඔක්කොම දුන්නා. රොන් ගන්න බබරෙක් වගේ ඇගෙන් සියලු ඕනෑඑපාකම් පිරිමහගෙන පැත්තකට ඇදල දැම්මෙ ඒ හැම මොහොතකම කුනු මාලු කෑල්ලක් වගේ 🥺💔 ඒත් ඒ හැම මොහොතකම සතයා ඉවසුවා.තව තවත් මිහිරාන්ට ආදරේ කරා. වෙලාවකට සත්‍යටම හරි පුදුමයි ඇයි තමන් මෙහෙම කරන්නෙ කියලා.තමන්ට මෙච්චර දේවල් කරන මනුස්සයට ඇයි තවමත් මෙච්චර ට ම ආදරේ කියලා....මිහිරාන් මොකද්ද බන් මේකෙ තේරුම ආහ්...ඇති යකෝ ඇති දැන්වත් නවත්තපන් ඕක....." එක හුස්මට විස්කි බෝතලයක් හිස් කරන මිහිරාන්ට හිරුශ එලෙස පවසන්නට උනේ කොල්ලගෙ මේ ක්‍රියාකලාපයන් ඔහුටද පුදුමයක් ඌ නිසාමයි. " බෑ හිරුශ මටහ්...මට තව ඕනි බොන්න....මට මේ මදි බන් .......උබට තේරෙන්නෙ නෑ යකෝ මේවා......." " හරි දැන් මට මොනවද තේරෙන්නෙ නැත්තෙ ආහ්....." " මටහ්...මට හුගක් ප්‍රශ්න හිරුශ හුගාක් ප්‍රශ්න ...." " ඒක තමා දැන් මට කියපන්කො උබට ඔච්චරටම තියෙන ප්‍රශ්නෙ මොකද්ද කියලා ආහ්...." " මහ්..මන් එව්වා පස්සෙ කියන්නම් උබට....මන් යනවා දැන් ..... මගෙ චාරු බලාන ඇති....." " මොහ්...මොකද්ද කිව්වෙ...උබ....චාහ්...චාරු....ඒකි ඇයි උබ එනකන් බලන් ඉන්නෙ....අනික උබෙ කසාද ගෑ / නි සත්‍යා මිසක් චාරු නෙවෙයිනෙ....." " සත්‍යා 🤣🤣🤣 හහ්හ්....ඕකි තමා යකෝ මාව කෑවෙ.ඔව් ඕකි තමා කෑවෙ මාව." කියපු මිහිරාන් නැගිටලා යන්න ගියෙ තවමත් පුදුමයට විසල් උනු හිරුශගෙ දෑස් ඔහු මතම රැදී තියෙද්දි යි. 

 💢💢💢💢💢💢💢💢

 " මිහ්...මිහිරාන්...කහ්...කවුද මේ කෙල්ල ආහ්...." " මේ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඇයි උබ මොකටද අනික දැන් අහන්නෙ ඔව්වා ආහ්...." " දෙවියනේ එතකොට ....එතකොට මන් ....මන් ඔයාගෙ කවුද මිහිරාන් ආහ්...මන් කවුද ...." " උබ ද උබ තමා මගෙ කරුමෙ....තෝව පේන්න බෑ මට....." " අයියෝ බබා මේ කුන්ඩවාලෙ එක්ක එල්ලෙන්න ගියා ඇති අනේ අපි දෙන්න යමු එන්ජෝයි කරන්න...." කියපු තනූජා මිහිරාන්ගෙ ගතට තුරුලු වෙමින් ගෙට ගියා. ඒත් සත්‍යට නම් දැනුනෙ හිස මත අකුනු හත අටක් පුපුරනව තරම්වේදනාවක්. කවදාවත් නැතුව අද මිහිරාන් ගෙදරටම වෙනත් ගැහැනියක් රැගෙනඇවිදින්. ඉදින් කෙල්ල කොහොම නන් උහුලන්නද මේ දුක් ගග.

💢💢💢💢💢💢💢💢 

 සන්කර ගති පැවතුම් වලින් යුත් තනූජා සමගින් මිහිරාන් රාගී හෝරාවක් ගත කරද්දි සත්‍යා ගත කරේ ජීවිතේ කවදාවත් අත්විදීමට බලාපොරොත්තු නොවූ අමිහිරිම ඌ හෝරාවක්. කොටින්ම කෙල්ල අමු අමුවෙම පිච්චුනා.

 💢💢💢💢💢💢💢💢 

 පහුවද උදේම තනූජයි මිහිරානුයි ගෙදරින් පිටමන් උනේ සත්‍යව තබ දොයිතුවකට හෝ මායිම් නොකරමයි. දැන් නම් කෙල්ලට හිතෙන්නෙම මෙච්චර දවසක් අමාරුවෙන් අල්ලගත්ත හුස්ම පොද පවා අත්හැරල දාන්නමයි. ඔව් ඒ තරම් සත්‍යට ජීවිතේ එපා වෙලා. 

 💢💢💢💢💢💢💢💢 

 " හෙලෝ....මිහිරාන් උබ කොහෙද ඉන්නෙ...." " අහ් බන් මන් මේ තනූජ එක්ක ටිකක් ඇවිදින්න යන ගමන්....." " අහ් එහෙමද....අනේ බන් පුලුවන් නම් අදට තනූජට තනියම යන්න කියහන්කො.මට උබ එක්ක පොඩි ගමනක් යන්න ඕනි බන් ලොකු හදිස්සියක්......" " අයියෝ බන් හ්ම් හ්ම් මන් බලන්නම්කො...." " අනේ ප්ලීස් මචන් ලොකු හදිස්සියක් ඒකයි..." කියපු තරුශ දුරකතන ඇමතුම විසන්දි කරා. ඔව් කොල්ලාට තිබ්බෙ මිහිරාන් එක්ක පුදුම කේන්තියක්. පෙර දිනයෙහි මිහිරාන්ගෙන් ම දැනගන්නට ලැබුනහම ඔහු තනූජා හා සම්බදකමක් පවත්වන බැව් තරුශට එය පුදුමයට කරුනක් උනේ කවදාවත් මිහිරාන්ගෙ න් එවන්නක් බලාපොරොත්තු නොවුනු නිසාමයි.

 💢💢💢💢💢💢💢💢 

 කොහොමින් කොහොම හරි මිහිරාන් තනූජට තේරුම් කරලා ඇයව ඇගේ නිවස අසලින් බැස්සුවෙ ඇත්තටම තරුශට හදිස්සියක් කියලා හිතපු නිසා. ඒත් තරූශට ලිසි හදිස්සියක් තිබ්බෙ නෑ.කොල්ලට ඕනි උනේ මිහිරාන්ගෙ වෙනසට හේතුව දැනගන්න. කොහොම හරි මිහිරාන්ගෙ යි සත්‍යගෙයි ලස්සන කුරුලු කූඩුව ආරක්ෂා කරලා දෙන්න. " මොකද බන් මොකද්ද හදිස්සිය....මොකද්ද උනේ....." " මේකයි මචන්....ඇත්තටම මට උබ එක්ක ටිකක් කතා කරන්න ඕනි.සමාවෙයන් බොරු කියල උබව ගෙන්නුවට....." කියපු තරුශ කොල්ලත් එක්ක මුහුදු වෙරල වෙත පියමනින්නට විය. " හ්ම් දැන් කියහන්කො උබට මොනාද ඔච්චරටම මන් එක්ක කතා කරන්න තියෙන්නෙ ම්ම්....." " ඇත්තටම මේකයි බන් මට අයිතියක් නෑ තමයි මේව අහන්න.ඒත් මට නාහා ඉන්නත් බෑ.මොකද උබ තනූජා එක්ක යාලුවෙලා කරන්නෙ ලොකු වරදක්.අනික උබ දැන් බැදලා.උබ උනත් දන්නවනෙ සත්‍ය නන්ගි කොච්චර හොදද කියලා. උබට කොච්චර ආදරේ ද කියලා....." කොහොමින් කොහොම හරි අන්තිමට මිහිරාන් බියර් ටින් එක හිස් කරන ගමන්ම හැමදේම තරුශට කිව්වා. ඒ හැමදේම මහත් උවමනාවකින් හා ඉවසීමකින් යුතුව අහන් හිටි තරුශ අන්තිමට කිව්වෙ තමන්ගෙ වයිෆ්ට ත් මන්ගල රාත්‍රියේදි ඇගේ පිරිසිදු කම රුදිරය මගින් ඔප්පු කරගත නොහැකි වූ බවකි. එහෙත් තමන් ඇයව පීඩාවට පත් නොකොට ඇයට තව තවත් පෙම් බැදි බවත් ඒ නිසාම අදටත් ඒ පවුල් ජීවිතය සාර්තක අන්දමින් ගත කරන බවත් ය. නැතත් කන්‍යාපටලය සමහර ගැහැනු අයට උපතින්ම අහිමිව යන බව පවා හිරුශ හරි අපූරුවට මිහිරාන්ට තේරුම් කරා. කොටින්ම පස්සෙ මිහිරාන්ට දැනුනෙ සත්‍ය ගැන පුදුම දුකක්. මොකද කොල්ලා තමන්ගෙ වැරදි තේරුම් ගත්තා. සත්‍යට තමන්ගෙන් උනු අසාදාරනකම් තේරුම් ගත්තා.ඔව් ඒව මතක් වෙද්දි මිහිරාන්ට තමන් එක්කම ඇති උනේ පුදුම කේන්තියක්. අන්තිමට එදා මිහිරාන් ගෙදර ගියේ තමන්ගෙන් උනු හැම වරදකටම සත්‍යගෙන් සමාව ගන්නවා කියලා හිතන්. ඔව් ඇය හා සතුටින් ඉන්නව කියලා හිතන්. ඒත් අවාසනාවක ට වගේ මිහිරාන් ගෙදර යද්දිත් සත්‍ය ඇවිත් හිටියෙ නෑ. ටික වෙලාවක් යද්දි කෙල්ලගෙන් කොල්ලට ඇමතුමක් ලැබුනෙ නොහිතපු අයුරින්. " හෙලෝ සත්‍යා...." " හෙලෝ මේ සත්‍යගෙ හස්බන්ඩ් ද...." " අහ්හ්...ඔහ්...ඔව්....ඔයා කවුද....කෝ මගෙ සත්‍යා...." " මේකයි කලබල වෙන්න එපා....ඔයාගෙ වයිෆ් දැන් පොඩ්ඩකට කලින් ඇක්සිඩන්ට් උනා...." දෙවියනේ හීනෙකින්වත් නොහිතපු වචන ටිකක් අහන්න ලැබෙද්දි මිහිරාන්ට දැනුනෙ පුදුම අසරනකමක්. එහෙමම කොල්ලා ෆෝන් එක පැත්තකට විසි කරලා දුවලා ගිහින් කාර් එකට ගොඩ උනේ ගෙදර දොර ජනෙල් පවා ඇරලා තියෙනව කියන දේත් ගානක් නොවෙද්දි යි . ඔව් ඒ තරමට ඒ හිත නොසන්සුන් අද. කොහොමහරි කොල්ලා විනාඩි පහක් යන්නත් මත්තෙන් කාර් එක නතර කරේ මොහොතකට කලින් නන්නාදුන න පුද්ගලයා කියපු ස්තානය ලග. මොකද ඒ ස්තානය මිහිරාන් ගෙ නිවසට කිලෝමීරරයක තරම් පුන්චි දුරකිනුයි පිහිටල තිබ්බෙ. " මෙහ්...මෙහ්...මහ්...මගෙ වයිෆ් ...." " එයාව දැන් හොස්පිටල් අරන් ගියාවිතරයි...." මිහිරාන් කාර් එකනතර කරලා දුවන් ආවෙ සෙනග වට වෙලා හිටි තැනට.ඔව් ඒ වෙද්දිත් එක්කෙනා දෙන්නා එතනින් පිටවෙන ගමනුයි හිටියෙ . එහෙමම මිහිරාන් හොස්පිටල් එකට ගියා.ඒ යද්දිත් කෙල්ල කොල්ලගෙන් හුගාක් දුර ගිහින් ඉවරයි.ඔව් කොටින්ම කෙල්ල යන්න ගියේ නොයෙන ගමන්.... " අනේ ඩොක්ටර් ප්ලීස් මහ්...මට මගෙ වයිෆ්ව බේරලා දෙන්න...." කොල්ලා අත් දෙක එකතු කරලා වැදගෙන වෛදයවරුන්ගෙන් ඉල්ලුවෙ කොහොම හරි ආයෙ සත්‍යව ගෙනත් දෙන්න කියලා. ඒත් කෙල්ල හුස්ම ගන්න එක පවා නතර කරපු කොට ඩොක්ටර්ස්ලා කොහොම නම් ආයෙ ඇයඑඅ ජීවත් කරවන්නද... කොහොමනම් ආයෙ මිහිරාන්ට සත්‍යව ගෙනත් දෙන්නද.... ඔව් එහෙම පුලුවන් කමක් තිබ්බනම් මිහිරාන් කියන්නත් කලින් ඩොක්ටර්ස්ලා සත්‍ය ට පන දීලා.... ඒත් අවාසනාවකට එහෙම දෙයක් කරන්න පුලුවන් කමක් කිසිම කෙනෙක්ට නෑ.... 💢💢💢💢💢💢💢💢 

 " අනේ ප්ලීස් සත්‍යා ආයෙ මන් ලගට එන්න මගෙ රත්තරන් ......මටහ්....මට බෑ දෙයියො උබ නැතුව ඉන්න....මටහ්....මට උබව ඕනි තේරුම් ගනින් මැනික....." සත්‍යගෙ නිසල දේහය බදාගෙන මිහිරාන් කෑ මොර දුන්නෙ මළගමට සහබාගී උනු සියල්ලගෙම ඇස් වලට කදුලු එකතු කරමිනුයි. " මචන් ඔය ඇති නවත්තපන් දැන්.නන්ගි කොහේ හරි හොද තැනක ඉදන් උබ දිහා බලාන ඇති බන්...උබ ඕම අඩද්දි ඒකිට සතුටක් නෑනෙ...." කටට එන ආටෝප කතා තරුශ එලෙස පවසන්නට උනේ මිහිරාන්ව මොහොතකට හෝ සැනසීමේ අදිටනින් උවද ඉන් අන්ශූ මාත්‍රයක හෝ ප්‍රතිපලයක් නොවුනෙ මිහිරාන් මනසින් සම්පූර්නයෙන්ම කඩන් වැටී අවසන් නිසාමයි. " නෑහ්...නෑහ් තරුශ...මහ්...මගෙ මැනික මේම වන්දි ගෙව්වෙ මන් නිසා බන්..ඔහ්...ඔව් මේ මන් නිසා....දෙවියනේ මගෙ කෙල්ල නොකර වරදකට මොන තරම් විදෙව්වද.....ඒත්....ඒත් මන් ඒ හැමදේම තේරුම් ගද්දි ඒකි මගෙන් ඈතකටම යන්න ගිහින් බන්....පව්කාර මාව දාලා යන්න ගීන් තරුශ මගෙ කෙල්ල 🥺🥺🥺..." ඔව් මිහිරාන් ජීවිතේ හැමදේම තේරුම් ගනිද්දි සත්‍යා නොකල වරදක් වෙනුවෙන් නොසෑහෙන්න විදවල තිබ්බා. කොටින්ම කෙල්ල තමන්ගෙ මහත්තයා වෙන කෙනෙක්ගෙ උනුහුමේ වෙලෙනව දකින්න තරම් පව්කරලා තිබ්බා 🥺💔