Thursday 15 December 2022

සමුගත් හමුවිම..


 අහම්බයකි මේ ජීවිතේ  

නුඹද මට හමුවිම අහම්බයකි..

 ඉතිං

 නුඹ, අහඹු හමුවිම 

ඇතැර පිටව ගොස් ඇත.. 

කතා කල ඒ කෙටි වදන් තවමත් මට ඇසෙයි..

මා තවම අහඹු හමුවිම

 අහම්භයක්ම දැයි විචාරමින් 

 නුඹගේ අහඹුව මෙනෙහි කරමින් ඇත.. 

අහඹු නුඹ මා වෙත පැමිණීම 

 කුමන්ත්‍රණයකි.. 

නැවත යාමද කුමන්ත්‍රණයේ කොටසකි.. 

නුඹ ගිය තැන්හි ශේෂ තවම ඉතිරිව ඇත.. 

එය අහඹුවක් නොවන බව මා පමණක් දනිමි...

 නුඹ තබා ගිය සිනාකැන්

 ඇත හදේ සනිටුහන් වී.. 

අහඹු නුඹ තව දුරටත් නොපෙනී යනු ඇත..

අවසන් බැල්මෙන් නුඹ මට කිවේ මේ හමුව ප්‍රමාදයක් බව පමණි..

 හමුවීමක් ඇති හිමිවීමක් නැති නුඹ ඈත යා යුතු මතකයකි...

😍😍🥺😍😍

2022/12/14



1 comment: