Saturday 8 January 2022

කැම්පස් මිතුරි

 සරසවි සිහිනය සැබැ උන දා ම 

ආවා සිතට චකිතයක් 

සොඳුරු විමනක ,නැවුම් අත්දැකිමකි 

එය ජිවිතයට...

ඒ සොඳුරු කැදැල්ලේ දි හමුවුණා 

මිතුරියක් ඇය නමින් තරු ...

විටක පුදුමයි ....

දුකේ දි වෙන් නොවන සැපේ දි ඇත් නොවන 

නිම් නොවන බැදිමක්..

සිතුවේ නැ කිසිදාක ලැබෙයි කියා 

මේවැනි මිතුදමක්..

තප්පරයෙන් වෙනස් වෙන

 කුරිරු ලෝකයක

ඇත්තමයි නුඹ වැනි මිතුරියක්  ලැබිම ද

මා වාසනාවක්...

ඉතිං  මිතුරි...

අවසර ද මට රැගෙන 

යන්න මේ මිතුදම 

ජිවිතය පුරාවට...?









5 comments:

  1. මිතුදමට සෙනෙහසින් තරූගෙන් චලාට...✨💓✨

    කිසිවෙකුත් නොහඳුනන නව ලොවක
    තනි වුණා සේ දැනුණා මා හට ද
    සොය සොයා සිටියෙමි මිතුරියක්
    අහඹු ලෙස හමු වුණා මට ද නුඹ
    කිසි දිනක දැක නැතත් නුඹේ රුව
    දැනුණා සොයුරියක් ලෙස මා හට
    ඉතින් මා මිතුරියනි,
    කුමට අවසර
    රැගෙන යමු අප දෙදෙන මේ මිතුදම
    ජීවිතය පුරාවට...🥰🥰❤️❤️

    ReplyDelete