Wednesday 3 November 2021

සංසාරික ප්‍රේමයක් ❤

 



අහම්බෙන් නෙත ගැට්

නෙත් කතා කලා..

එදා සිට අද වන තෙක්

තත්පරයෙන් තත්පරේ

නොවෙනස් වන 

ප්‍රේමයක් ...

දුක් කම්කටොලු 

එමට ජිවිතේදිත් 

කලාතුරකින් එන

සතුට රැදි ජිවිතේදිත් 

දැනුනා 

ප්‍රේමයක් ...

කප්පරක් වැඩ අස්සෙ 

යුතුකමට එහා

 ගිය සෙනෙහසින් 

සොයා බලපු 

ප්‍රේමයක් ...

වචනේකට   එහා ගිය

වචනෙකින් හිත නිවන

සෙනෙහේ බර 

ප්‍රේමයක් ...

හැගෙනා ලෙසින් නම් 

මෙයයි 

සංසාරික 

ප්‍රේමයත්...❤  







8 comments: