Wednesday 17 November 2021

ගැහැණිය ❤

 ගැහැණිය හැමෝම සමාන කලා 

මලකට ...

දන්නවා ද එ මල එ තරම් ලස්සන වෙන්න විදින වෙදනාව...

උපන් දා ඉදන් හුරතලෙට දග මල්ල වාගේ අම්මා අප්පච්චි ලග හුරතල් වෙනවා...

ඇය ටිකෙන් ටික ලොකු වෙලා වැඩිවියට පත්වෙනවා එතන ඉදන් හැම මාසයේ ම ඇය විදින්වා උපරිමෙටම ගිය වෙදනාවක්... 

කාලයාගේ ආවැමෙන් කලවයස හරි ගියාම ලෝකෙන් ආව අයිතිකාරයෙක් වෙනුවෙන් කැප වෙනවා...

ඊට පස්සේ ...

දරුවන් වෙනුවෙන් ,දරුවන්ගේ දරුවන් වෙනුවෙනුත් ඇය කැප වෙනවා...

ඔව් හැමෝම කියනවා වාගේ ගැහැණිය මතුපිටින්  හැමෝමටම හරි ලස්සන මලක්...

එත් කවුරුත් හිතුවද එ මල මෙ තරම් සුවද දෙන්න කොයි තරම් වෙදනාවක් ඇතුලන්තයෙන් ඇය දරා ගන්නවා ද ඉවසනවාද කියලා...

ඇය මෙ තරම් ලස්සන මලක් උනෙ කොමද බලන්න ඔබට ගැහැණියක් ආත්මයෙන් වැලද ගත යුතුමයි....





Wednesday 3 November 2021

පියෙකුගේ ඉකිගසන හදවතක් ❤



එදා,

මහා අනොරා වැසි ඇද වැටෙන දවසක් 

පොල් අතු සෙවිලි කල වහලෙන් 

වැටෙන වැහි බිදු..

ගොම මැට් ගැ ගැලවී ගිය ගෙයි බිමට 

පතිත වන අයුරු එක්තැන් උන මාත්

උබත් උබෙ අම්මාත් බලාහිටියා

මතකයිද...

මම එක්තැන් උන දා පටන් නොවිදනා දුක් විද

අම්මා ගියා කුලියට උබ රජ කරවන්න 

පුතේ..

අම්මාගේ හිනේ හැබැවක් කර පුතේ උඹ 

රජ උනා...

ගියා උඹ සිදාදියට තව තවත් දිනන්නට 

ලොකයක්..

අද,

පුතේ උඹ ලොකු මහත්තුරු එක්ක

වැඩ කරන උගත් මහත්තයෙක්ලු..

යන්නේ රෝද හතරකින්ලු උඹෙමයි කියන..

ඉන්නේ උබ මාලිගාවකලු...

කමක් නැ පුතේ ..

මාත් උඹෙ අම්මාත් මගබලන් උන්නා

දිවා රැ නැතුව උඹ එව් කියා..

කුසට අහරක් නැතුව දින ගනන් 

උහුලන්න  ඇති..

ගෙදරින් හෙල්ලුනේනම් නැ පුතේ උඹ  එවි කියලා..

එදා සිට අද වෙනකන් නාවට කාරි නැ පුතේ 

අද අම්මාගේ අවසන් දවස 

වැඩක් නැත්නම් පොඩ්ඩක් ඇවිත් බලලා 

පලයන්..

✍️

මම උඹේ අප්පා 😒







සංසාරික ප්‍රේමයක් ❤

 



අහම්බෙන් නෙත ගැට්

නෙත් කතා කලා..

එදා සිට අද වන තෙක්

තත්පරයෙන් තත්පරේ

නොවෙනස් වන 

ප්‍රේමයක් ...

දුක් කම්කටොලු 

එමට ජිවිතේදිත් 

කලාතුරකින් එන

සතුට රැදි ජිවිතේදිත් 

දැනුනා 

ප්‍රේමයක් ...

කප්පරක් වැඩ අස්සෙ 

යුතුකමට එහා

 ගිය සෙනෙහසින් 

සොයා බලපු 

ප්‍රේමයක් ...

වචනේකට   එහා ගිය

වචනෙකින් හිත නිවන

සෙනෙහේ බර 

ප්‍රේමයක් ...

හැගෙනා ලෙසින් නම් 

මෙයයි 

සංසාරික 

ප්‍රේමයත්...❤  







අම්මා ❤

 හැමෝම සිමාවකට ආදරේ කරද්දී 

අම්මා ආදරේ කලා අසිමාන්තිකව ..

හැමෝම දවසක් දෙකක් ලග උන්නාට 

අම්මා හිටියා හැම තප්පරයකම ...

කාලයාගේ ආවැමෙන් හොඳට හො නරකට

 වෙනස් වන තාක්ෂණයත් සමග කරට කර..

මිනිසුන් ද වෙනස් වෙමින් පවතින කාලයක

 එ වෙනස් වෙන ලොකයේ එක තප්පරයක්

 නොවෙනස් වන ආදරේ අම්මාගෙම විතරයි ..

දරුවෙකු ලෝකෙට බිහි කරන්න පය තැබු දා පටන්

 අද වන විටත් මතුවටත් වින්දා දුක් අපමණයි ..

එ වින්දා දුක් හා සාමානවම අංශු මාත්‍රාවක්වත්

 අඩුවක් නොකර දෙන ආදරේත් එහෙමමයි...

ඉතිං ,

මම හිතන් නැ ඔබටවත් මටවත් කිසිම

 කිවිඳුන්ටවත් එ ආදරේ අකුරු කරන්න 

පුළුවන් කියලා...

ඔව් 

එ අසිමාන්තික ආදරේ උල්පත 

අම්මා ❤




අප්පච්චි❤


 අප්පච්චි එදා ලස්සන 

කඩවසම් තරුණයෙක් 

වෙන්න ඇති ...

එත් අද එයා වියපත්

 ශරිරයෙන් විතරක් ...

පවුලේම බර කරට අරන්

 තාමත් වෙහෙසෙනවා 

අප්පච්චි ....

පුදුමයි 

ඔව් අප්පච්චිගෙ ආදරේ පුදුමයි ..

මව්වරුන් පමණක් නොව

 පියවරුන්ද 

මතු බුදු වන්න විවරණය 

ලැබිය යුතුමයි .....