Tuesday 11 June 2024

මට ඔයාව හුගක් මතක් වෙනවා

 ඇත්තම කතාව

මට ඔයාව හුගාක් මතක් වෙනවා ...

ඉර බැහැගෙන යන හවසක
රතු පාට අහස දැක්කම මට ඔයාව මතක් වෙනවා
මේ වගේ දවසක
යාන්තමට කළුවර වැටුන හවසක
හීනියට හමන හුළගක් ඇගේ වදිද්දී මට ඔයාව මතක් වෙනවා
එක පාර වැටෙන වැස්සක
කුඩයක්වත් ළග නැතිව තනිවෙච්ච වෙලාවක
හිතල වැහි වතුර වැටෙද්දී
මට ඔයාව මතක් වෙනවා
මං කියවන පොතක
පිටු අතරේ ලියවුන කතාවක , අපේ වගේ කතාවක් කියවද්දී
මට ඔයාව මතක් වෙනවා
කොහේහරි ඈතකින් , අහම්බෙන් වගේ ඇහෙන
ඔයා ආසයි කිව්ව සින්දුවක් ඇහෙද්දී
මට ආයෙමත් ඔයාව මතක් වෙනවා ..
ඇත්තම කතාව
අදත් තවමත් මට ඔයාව හුගක් මතක් වෙනවා .....! 

මට මහන්සි

 හරි මහන්සියි 😓

ගතට වගේම හිතටත්..
දිනෙන් දින ක්ෂයවන
මොණරකොල අස්සෙ හැංගුණු
අම්මගෙ අප්පච්චගේ දාඩිය සුවඳ
කොහොම මිල කරන්න ද.....
උදේට දවල්ට වගේම රෑටත්
ඇටත් නැති,ලුණුත් නැති
පරිප්පුව උගුරෙන් පහලට යද්දි
සිහියට ගත්තෙම
අම්මා උදේ රෑ දකින හීනෙ....
ලෙඩක් දුකක් වුනත් විවේකයක් නැතුව 
බඩට බත් නැතුව දවස ගෙවන
අහිංසක තරුණ ජීවිතේ
හොස්ටල් කාමරේට,ඇකඩමික් එකට
සින්න වෙලා....
මේ ගෙවෙන්නෙ අමාරුම කාර්තුවක්
අල්ලගෙන ඉන්නම ඕනි කාලයක්
උඹෙයි මගෙයි අපි ඔක්කොගෙම හීනෙට
වැඩි දුර නෑ ...
වැටෙන හැම වෙලාවකම හිතන්නම ඕනි

" මේ මගේ අම්මගෙ හීනෙ 👩‍👧❤️"

ඒ නිසා අල්ලගෙන ඉමු 💪🌵🌸

තිරය පිටුපස පෙම්වතිය

 තිරය පසුපස පෙම්වතිය මමයි ඔබ ගැන හොයන වදවෙන..

ගැලරියේ ඉඩ නොලැබෙන
අහම්බෙන් ඔබේ සිනහවේ උස් කටහඬ ඇහෙන
පෙම්වතිය වෙමි මම තිරය පිටුපස..❤️

ඇහැට ඇගිල්ලෙන් අනින කලුවරක
වැලද තදින් සිඹින
මෙච්චරක් ආදරේ බැවු පවසන
මහා සභාවෝ මැද මා තනිකරන
පෙම්වති මමයි
තිරය පිටුපස..🥀💔

එයාට මාව වදයක් 2023/06/21

 "හැගීම් එක්ක තනියම කතාකරලා තියනවද "

"ඔව් "
"මොනාද ?"

"මං හිතන් හිටියෙ
එයත් එක්ක මාලිගාවෙ යන්න
අඩුම තරමෙ වැව රව්මෙ වත් "
හවස ඉර බැහැගෙන යද්දි මූද දිහා බලන් ඉන්න
වෙරලේ අපි දෙන්නගෙ නම් ලියලා රැල්ල ට මැකෙනව බලන්න
එයාව ඉබලා දුවන්න
හයියෙන් කෑ ගහලා ආදරෙයි කියන්න "
මහන්සි හැදුනම
එයාගේ උරහිසට බර වෙන්න...

"මං හිතන් හිටියෙ එයත් එක්ක
ඒ උණුහුමේ ගුලි වෙන්න ..
ඇති හිතෙනකම් උරහිසේ නිදාගන්න
වෙන එකියක් දිහා බැලුවම
ඉරිසියාවෙන් පිපිරෙන්න .... "
ඉතිං මට ඕන වුණේ ඒ පිස්සු කොච්චිය ලස්සනට කියවන්න...
ඒත් ...
🥺 එයාට මාව වදයක්  ..
ඉතිං එච්චරයි  😊❤️‍🩹

මට කිසිම අයිතියක් නෑ

 මට අයිතියක් නෑ

හැමදාම මාත් එක්ක ඉන්න කියල ඔයාට කියන්න...
හැබැයි මං කැමතී
මගේ ජීවිතේ තියෙනකන්
ඔයා එක්ක ඉන්න..
මං දන්නවා,
අපි ආදරේ කරන අය
හැමදාම අපි එක්ක ඉන්නෙ නෑ...
එකට අපි හුරු වෙන්න ඕන...
එත්...
ඔයා නොදන්නවා වුනාට,ඔයාට නොදැනුනාට...
"මං හරි බයයි පිස්සු කෝච්චිය
ඔයාව මට නැති වෙයි කියලා"

ඉතින් මං ඔයාට ආදරෙයි නෙවෙයි
මං ඔයාට හරි ලෝබයි මැට්ටෝ..
මට ඔයාව දාල යන්න
හේතු හොයනවට වඩා,
ඔයා ළඟ ඉන්න තියෙන
හේතු වලට මං හරි ආදරෙයි!

ඉතින්  මැට්ටෝ...
නොසෑහෙන්න ආදරෙයි මං
අහ් නෑ නෑ
නොසෑහෙන්න ඔයාට ලෝභයි 🥱🥱

ආදරණිය පින්නවල 2023/05/24

 සමහර දවස් තිබුණා 

කුරු එකතු කරලා

වචන ලියා ගන්න බැරිව යන...
වචන ගළප ගත්තාත් කිසිම තෙරුමක් නැති වාක්‍ය ලියවුණු ...
හිත කලබල වෙලා ද...
Confused වෙලා ද කියලානම් දන්නේ නෑ 😉..
මොකක් ද දෙකට හිත කිති කැවිලා වගේනම් දැනෙනවා...☺️☺️
කොම වුණත් ...
ආදරණිය කිඹුල් අරණ ආරම්භය ඔයාලාගේ..
අවසානය සමනල අරණේ ...🙃🙃
ඉතිං හැලයෝ බොහොම ස්තූතියි
ආයෙත් දවසක හමුවෙන තුරු සීදේවි ආදරෙන් බලා ගන්න...❤️‍🩹🌹

එක ලොකු ආසාවක් 2023/05/12

 ඔව් ..

එක ලොකු ආසාවක්..
දැන් ඔනි කොහේ හරි තැනක තනි වෙලා
ජිවිතේ ගැන හිතන්න...
කොළ පාට පිරුණු , නිස්කලංක තැනක තනියම ඔහේ කල්පනා කරන්න ...
සීතල සුළං එක්ක චුටි වැස්සක තෙමෙන්න ...
කියා ගන්න බැරි ගොඩක් දෙවල් කියලා අඬන්න ..
කෑ ගන්න..
ටිකකට හරි වටිනාකමක් නොදෙන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නයි ඔනි..
සමහර තැන් වල ජිවිතේ දරා ගත්තේ දරා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැති නිසා ...
සමහර තැන් වල හිනා වුනේ කෑ ගහල අඩන්න බැරි නිසා..
සමහර තැන් වල තනි වුණේ ඊට වඩා දෙයක් කරන්න නැති නිසා..
සමහර දෙවල් අතාරින්න තැනට හිත හදා ගත්තේ ඒ දෙවල් වලට මං නොගැලපෙන නිසා ..
ඔව් ..
මං මේ හැමදේම දන්නවා ...
එත් දැන් හරි මහන්සි ...
තවත් බෑ බැඳිම් වෙනුවෙන් ,රිදිම් වෙනුවෙන් විඳවන්න..
ඉතිං අවසානයේ
ඔව් මං පැත්තකට වුණා
නිහඬවම  🥺😊❤️‍🩹




එක පිස්සුවක් 2023/05/07

 ආදරේ කරන්න පුලුවන්ද  🤨

මාස ගනන් නොදැක,
අතින්වත් අල්ලන්නේ නැතුව...? 🤔

විශ්වාස කරනවද,
ආදරේ ඔක්කොටම වඩා ප‍රිස්සම්
කියලා එහෙම තැන් වල..ඒ ආදරය කියාගන්න බැරිතරම් ශක්තිමත් කියලා


ඔයා මුලු දවසම
දැන් කතා කරයි දැන් කතා කරයි කියලා
ෆෝන් එක දිහා
බලන් ඉන්න එකම පිස්සුවක් ..😏

එහා පැත්තෙන්
කටහඩ ඇහෙද්දී
සතුටට නිකම්ම
ගොලු වෙන
හරි අපූරු
මීවිතක්..🤭

ගන්න හැම
Video call එක පුරාම,
කවදාවත් නැතුව
මුනිවත රකින
ආදරේ පිරි
මොහොතක්....❤️‍🩹


බලන වෙලාවක
එයා දකී නේද කියලා
මැසේජ් පොකුරක් යවලා
සීන් කරනකන්
බලන් ඉන්න
අමුතුම පිස්සුවක් 😉

කාලේ ගෙවෙන්නේ
නැද්ද කියලා
හිතින් බැන බැන
කැලැන්ඩරේ දිග නිවාඩුවක් එනකන් මග බලන  පිස්සුවක්...😌

ඔව් එක ඇත්තටම පිස්සුවක් ..
ඉතිං මගේ පිස්සු කෝච්චිය ...
ආදරෙයි හොදේ  ❤️‍🩹🌹

ඇමතුම 2023/04/28

 දන්නවා ද..

ඇමතුමක් තිබ්බා..
හිතේ ඇවිලෙන දහසක් ප්‍රශ්න එක්ක
හිත හෙව්වෙම ඒ ඇමතුම..
විඩාබර දවසක ගෙදරින් එන ඇමතුමට පස්සෙ එන ඒ ඇමතුම ...
දහසක් වැඩ එක්ක වුනත් මං හෙවුවෙම ඒ කටහඬ..
ඔයාට නොකිවාට
ඔව් ඔය voice  එක ටිකක් සැර වුනාට 
මං ආසම ඔය කියවිල්ල අහන් ඉන්න...
එක පිස්සුවක් ඇත්තටම මත් වෙච්ච පිස්සුවක්...
එකනේ මං ඔයාට පිස්සු කොච්චිය කියන්නේ..❤️‍🩹
ඔයා දන්නවා ද...
එක දිගට පැය ගනක් ඔයාගෙන් mg එකක් cl එකක් නැති වෙනකොට
මටත් දුක හිතෙනවා 😒
ඔයා දන්නවා මං ආස නෑ හිමි විම අහිමි විම ගැන කතා කරන්න ...
එත් මං කැමතිම මේ හමුවිම ආදරණිය වෙනවට...
ඉතිං මගේ පිස්සු කොච්චිය ...
ඔයාගේ ඇමතුම එනකන් මං බලන් ඉන්නවා..
එක මතක තියා ගන්න 
ඔයාට මං ආදරෙයි කියන්නේ නෑ..
හැබැයි කෑගලා කියන්න හිතයි මං ඔයාට ආදරෙයි කියලා ❤️‍🩹🌹
ඉතිං මගේ හිත නිවන ඒ ඇමතුමට හැමදාමත් වගේ ආදරෙයි ...❤️‍🩹

සමහර වෙලාවට ඔයාට එපා වෙනවත් ඇති පැය ගනන් කියවන මගේ කචේ අහන් ඉන්නත් 😒
කොම හරි අහන් ඉන්න වෙන කරන්න දෙයක් නෑ ඉතිං ....😌
විඩාබර දවසක එකම එක හිත නිවන ඒ ඇමතුම ❤️‍🩹 ඔව්







පිට කොක්ක

 2023/04/06

කැම්පස් එක  දෑත් පටලන් යන පෙම්වතුන් දකින විට...

සිහි වුනා නුඹව මට එක සිතින්..
ආවත් සැනින් කඳුලක් ඇස් අඟට ඉතිං ...
දෑස් පියා සිහි කෙරුවා ඔය නපුරු ඇස් ඉතිං ..  🤭
පිය නැගු සරසවියේ පෙම්වතුන්නම් හමු වුනා..
සියක් කොකු මැද ඔය මුණ දහස්වර මට සිහි වුනා..
පෙම්වතුන්නම් කුමට මට ඔය පිස්සු කෝච්චිය මගේ නිසා..❤️‍🩹

ඉහටත් උඩින් වැඩ වැඩි වන දවසකට...
සැකයක් නාවොතින් පුදුමයි ඔය හිතට...
පොඩ්ඩක් නපුරුකම් කෙරුවත් මේමට ඉතිං ..😏
සිත මගේ ඉල්ලුවේ ඔය රළු පපුවේ උණුසුමම ඉතිං ..😚😍
මගේ කොපුල් මත සිනා තවරා..
දෑත් පටලන් සවිය විලා..
ළඟින් ඉන්නා පිට කොක්ක  මං ආදරෙයි මේ ඇත්තමයි  ❤️‍🩹

මට දැන් හොඳටම ඇති

 මටත් දැන් හොඳටෝම ඇති...."


‌"හදවත,"

තප්පරයක්ගානෙ දැනෙන වේදනා
පපුව අස්සට ඔබාගන්න
අනේ මට බෑ
තවත් මේ දුක දරාගන්න
මේ අහන්න,
මතක දැන් හරි බරයි
බෑ තවත් දරාගෙන හූල්ලන්න
ඇත්තටම පුළුවන්ද ඔයාට
ඔය විදිහට හිනාවෙන්න

මැණික,
මගේ ආදරෙ නොදැණුනා ද එක තප්පරයක ..
සාගරේ තරම් කියූ ආදරේ
එයා එක්කම බෙදාගන්න
පිච්චෙන්නෙ නැතුව හිනාවෙන්න
අනේ මටත් ඩිංගක් කියාදෙන්න

‌"මොළය,"

මෝඩයෝ,
හිත හිතා වේඳනා දවසෙම
හදවතේ අඩියම තලාගන්න
අයිති නැති හිත ඔහොම මරලා දපන් හනිකට..
නොදැක ප්‍රේමය හැකි වුනානම්
තව එකෙක්ගෙ හිතකට එබෙන්න
මෝඩ හිත  මොංගල්ද,
ආදරේ අකුරවත් දන්නෙ නැති ඒ හිත මත්තෙම මැරෙන්න

අනුන්ගෙ හිත් වල දිග පළල මනින්න
මටත් දැන් ඇති වෙලා මේක,
මෙන්න මෙහෙ වරෙන් හිත..
මේ කොට්ටෙ බදාගෙන නිදියන්න....

ආඩම්බරකාර හඳ

 අහ්...

ආඩම්බරකාර හඳ 🌙
ඔයා හරි ලස්සනයි අද...
ඔයාට මතක ද ...
මේ වගේම දවසක හවස් වරුවක් ..
ඔයා එක්ක මුමුණ මුමුණ හිටියා..
අදත් මං දෙයක් කියන්නම්..
හැබැයි රහසක්...
එයාට කියන්න...
ගොඩක් ආදරෙයි
පරිස්සමෙන් ඉන්න කියන්න ...
ඔහ් ...
මං දැන් දැක්කේ
ඔයාගේ තනි තරුව ඔයා ළඟ නෙද ..
හැබැයි එයා දුරින් ඉන්නේ ඇයි 
දෙයක් කියන්න ද හඳ...
අද ඔයාගේ වටේ චුටි තරු ගොඩාරියක් තියේ..
එත් ඔයා පුර හඳ උනත්...
අඬ සඳ උනත්...
තනි රැක්ක චුටි තරුව තමයි එයා..
පුළුවන්නම් එයාව ළඟට ගන්න..
ආදරෙයි  කියන්න...
මොක ද...
අතුරුදන් වෙන තරු වලට වඩා...
හැමදාම තනි රැක්ක චුටි තරුව ඔයාට ගොඩක් ආදරෙයි ❤️🌻

එයා වෙනුවෙන් ගෙතුණු කවි 2

 මං අකමැතිම 

ආදරෙ කරන මිනිස්සු
දුරස් වෙනවට...🥺
දැවටෙන්න උණුහුමක්
ඕනිම වෙලාවක
එයා දුර කියලා
දැනෙන ඒ හැඟිමට..😔
එයාගේ අත අල්ලන්
ඇවිදින්න ඕනි කියලා
හිතෙන වෙලාවට
එයා නෑ කියලා දැනෙන හැඟිමට..😔
එයාගේ ඇස් දකින්නම ඕන කියලා
හිතෙන වෙලාවට
එයා පෙනතෙක් මානෙක නෑ කියලා දැනෙන හැඟිමට..😔
ඔව් ..
මං අකමැතිම ...
එයා දුර ඈත කියලා දැනෙන ඒ දරුණු හැඟිමට 😔🥺

එයා වෙනුවෙන් ගෙතුණු කවි

 අහම්බෙන් මට හම්බුන ඔයා - දැන් ආදරණිය අහඹු හමුවක් ...


ඒ වගේම කෙනෙකුට ඒ තරම් උතුම් හදවතක් තියෙන්න පුලුවන් කියලා මට විශ්වාස කරන්න හිතුනෙත් එයාගෙන්..

ගතවෙන දවසක් ගානෙම මේ හිතේ ඒ රුව ගැන ආදරය විතරක් නෙමෙයි ගෞරවයත් වැඩි උනේ මංවත් නොහිතපු විදියක ට "

කැපකිරීම් කියන්නෙ මොනවද කියලා මට ඉගැන්නුවේ එයා !
ආදරේ අපි හිතනවට වඩා හරි ලස්සනයි කියලා මට කියලා දුන්නෙ එයා !
දැන් මගේ ජීවිතේට නැතුවම් බැරි  හැඟීමත් එයා !

ඒ කෙනා මගේ ජීවිතේට ආවයින් පස්සෙ මගෙන් ලියවුණ හැම කවියකම අයිතිකාරයා උනේ එයා " 🥀
මගේ කවිවල නිමිත්ත උනේ එයා "

මං දන්න හැම භාෂාවකින්ම කිව්වත්....
මට කියන්න තියෙන්නේ එයා හරි ආදරණිය හිතක් තියන කොල්ලෙක්...

ඉතිං ගව් ගානක් දුර හිටියත් මේ දෙන ආදරෙට ආදරෙයි මහ හුගක් ....❤️
මේක ඒ අහඹු හමුවේ අයිතිකාරයට...🥱🫠❤️

Tuesday 4 June 2024

ඇත්තටම මොනවද හොයන්නෙ

 ඇත්තටම මොනවද හොයන්නෙ

🧑‍⚕️මන් හෙව්වෙ ගස් වලින් පිරුණු කන්දක්
මහා රූස්ස තරමට මහපොලොවට දැනුන
:
🙍‍♀️හ්ම්ම්ම්
🧑‍⚕️ඔයා මොනවද හොයන්නෙ
🙎‍♀️මං ජීවිත කාලෙම හෙව්වෙ
ඇස් දෙකක් තියන පිරිමියෙක්
නපුරු අහංකාර ඇස් දෙකක් තියන
හරි හමන් ගානට තේජස තියන එකෙක්
ඇත්තටම දළ තියන ඇතෙක් ගානට
සත පහක කැටයම් නැති
ඝන පිරිමි හිතක්
කරඩුවක් තරම් දරණ් ඉන්න පුළුවන්
සංසාර පෙමක් ..🥺
ඉතින්
එහෙව් හිතක් ලග
හුස්මක් දැනෙන
පපුකුහර මත
මටමම කියලා දැනෙන
සැනසීම ටිකක්..😐
එත්....