Wednesday 21 February 2024

කාලෙකින් එයා ගැන ❤️❤️

 කාලෙකින් එයා ගැන...



එයා හරි ම පණ්ඩිතයි.
එයා හරි ම ආඩම්බරකාරයි.
පුදුම ලොකුකමකින් ජීවත් වෙන පණ්ඩිත ප්‍රේමවන්තයෙක්.

ඉස්සර වගේනම් නෙවේ දැන් ටිකක් වෙනස් එයා ...
මොක ද එයා ලොකු මහත්තයෙක්නේ..
ලොකුකම නිසා ම දරදඩු වෙච්ච හිතක්..
ගල් වෙච්ච ආදරයක්...
ආඩම්බර ප්‍රේමවන්තයෙක්.

එයාට තින්නේ චුටි හිනි ඇස් දෙකක්..
හැබැයි ඉතිං පොඩ්ඩක් ඔරවපු ගමන් මගේ ඇස් බිමටම බර වෙන නපුරුකමක්..

ඒ හිනාව  දකින්න සැහෙන්න අමාරු ..
දකින්න පෙරුම් පුරන්න ඕන හිනාවක්..
මොක ද ඉතිං ලේසියකට හිනා වෙන් නෑනේ..
මොනා වුනත් ඒ හිනාවනම් වශියක්..

ඔයා ලියන ඒවා ලස්සනයි නොකියන.
ඒත් ඒ හැමදේම කියවලා රසවිදිනවා කියල මං හිතන ...😁
ආදරෙයි කියලා කෙලින් නොකියා රහසේම ආදරේ පුරවන
අහංකාර ප්‍රේමවන්තයෙක්...

දැන් කවු ද එතකොට එයා...
I dont no bby 😁..
අදත් කියන්න තියෙන්නේ නමක් ගමක් දන් නෑ හැබැයි handsome කොල්ලෙක්..